News Line| Off Air
Generic placeholder image

Jan
10

ලංකාවේ කොල්ලෝ Set එකක් මුහුදු යන්න පුළුවන් ත්‍රිවිල් එකක් හදයි. (PHOTOS)

2039 Views


ලංකාවේ කොල්ලෝ Set එකක් මුහුදු යන්න පුළුවන් ත්‍රිවිල් එකක් හදයි. (PHOTOS)

ත්‍රීවීල් එක හඳුන්වන්නේ පවුලේ වාහනය කියලානේ. එ් වගේම ලංකාවේ ත්‍රීවිල් නිසා සිද්ධ වෙන අනතුරුත් වැඩී. සමහර වෙලාවට තරුණයින් එක එක ගැජට් හයිකරලා ත්‍රීවීල් සරසනවා.

තොරන් වගේ ත්‍රීවිල් ඕනෑ තරම් පාරේ තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ මුහුදේ යන ත්‍රීවිල් එකක් ගැන. තරුණයින් පිරිසක් තමයි මේ විදියට ත්‍රීවිල් එකක් අලුත්වැඩියා කරලා මුහුදේ යන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ.

ඔවුන්ගේ අත්හදා බැලීම සාර්ථක වෙලා තියෙනවා. සමහර විට ඉස්සරහට මුහුදෙන් යන්න පුළුවන් ත්‍රීරෝද රථ වෙළඳපොළට එන්නත් පුළුවන්.

මේ අපූරු ත්‍රීවිල් එක ගැන බුකියෙත් විවිධ කතා කියලා තිබ්බා. සමහරු කිව්වේ ඉස්සරහට ත්‍රීවිල් එකෙන් ඕස්ට්‍රේලියාවට එන්න එපා කියලත් දැන්වීම් පලකරාවි කියලා. කොහොම වුනත් අපේ තරුණයින්ගේ උත්සහය නම් අගය කරන්න වටිනවා.


News Articles
Latest Videos
Most Popular Post