ගිය අවුරුද්දේ අපි දවස් ගානක් තෙල් නැවක් එනකන් බලන් හිටියා. මේ අවුරුද්දෙත් අපි මේ දවස් ටිකේම තවත් නැවක් අපේ රටට එනකන් බලන් හිටියා. ඒ තමයි ඕමානයේ ඉඳන් එන පොහොර නැව.
ඉතින් දවස් ගානක් එනකන් බලන් හිටපු ඒ නැවත් ඔන්න කොළඹ වරායට ආවා කියල ලංකා පොහොර සමාගම කියනවා. ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන යූරියා මෙට්‍රික් ටොන් 48,000 ක් මේ නැවේ තියෙනවා.
මේ පොහොර තොගය වරාය පරිශ්‍රයේ ඉඳන්ම ලංකාව වටේටම බෙදාහැරීමට කටයුතු කරනවා. ඒ සඳහා ලොරි රථ 250ක් සූදානම් කර කරල තියෙනවා. මේ ලොරි වලින් අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, මහියංගනය ආදී ප්‍රදේශවලට පොහොර බෙදා හැරෙනවා.
ඉතින් මේ නිසා ඉදිරි දවස් තුන ඇතුළත ගොවීන්ට හිඟයකින් තොරව පොහොර ලබාගන්නත් පුළුවන් වෙනවා.