News Line| Off Air
Generic placeholder image

Jan
11

ඇත්තටම ජනපති ගෙදර යන දවස හෙව්වේ ඇයි? සෞඛ්‍ය ඇමති ඇත්ත කියයි.

613 Views


ඇත්තටම ජනපති ගෙදර යන දවස හෙව්වේ ඇයි? සෞඛ්‍ය ඇමති ඇත්ත කියයි.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය ඉවර වෙන්නේ කවද්ද කියලා දැන් ප්‍රශ්නයක් අැවිල්ලා තියෙනවා. එ් ගැන හරියටම හොයලා කියන්න කියලා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලලා තිබ්බා.

මේ කතාව අැහුන විපක්ෂයේ අය නම් කිව්වේ 5 න් යනවා කිව්ව ජනපකි දැන් 6 ත් ඉන්න හදනවා කියලයි. කොහොම වුනත් ජනාධිපතිතුමා අැත්තටම ගෙදර යන්න ඕන දවස අැහුවේ අැයි කියලා රාජිත අැමතිතුමා කිව්වා.

අැමතිතුමා කියන විදියට 2020 ජනාධිපතිවරණය තියන්න තමයි හදලා තියෙන්නේ. එ්ත් එතුමාගේ කාලය අවසන් වෙන්නේ 2021 න් බව දන්වලා. එ් ගැන සැකහැර දැන ගන්න තමයි ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් අහලා තියෙන්නේ.

“එතුමා ලෑස්ති වුණේ 2020 ජනාධිපතිවරණයට යන්න. එත් පහුගිය දවසක එතුමට දන්වලා තියෙනවා කාලය අවසන් වෙන්නේ 2021 කියලා. එ් අනුව එතුමා සාමාන්‍ය විදියට සුප්‍රීම් උසාවියට යවලා කරුණු විභාග කරලා මේ ගැන තීන්දුවක් ගන්න” කියලයි රාජිත අැමතිතුමා කිව්වේ.

කොහොම වුනත් ජනාධිපතිතුමාට ගෙදර යන්නේ කවද්ද කියලා හරිටම දැන ගන්න පුළුවන් 11 වෙනිදට තමයි.

 


News Articles
Latest Videos
Most Popular Post