News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

ක්‍රිකට් වෙනුවෙන් සංගා ඉන්දියාව එක්ක යළි හැප්පෙයි.

2601 Views


ක්‍රිකට් වෙනුවෙන් සංගා ඉන්දියාව එක්ක යළි හැප්පෙයි.

කුමාර් සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට පස්සේ ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රිඩකයා. ක්‍රිකට් වලින් සමුගත්තත් සංගා ක්‍රිකට් වලට කරන සේවය නම් නවත්තලා නෑ.

ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය ඉදිරියේ තවත් ඉහළට ගේන වැඩකට සංගා අතගහලා තියෙනවා. එ් ඔලිම්පික් තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාවත් අැතුලත් කරන්න. සංගක්කාර අැතුලු මලිබෝන් ක්‍රිකට් සමාජය තමයි මේ වෙනුවෙන් වෙහෙසෙන්නේ.

ඔවුන් මේ යෝජනාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබ්බා. හැබැයි ඔවුන් නම් මේ වැඩේට කැමති වෙලා නෑ. හැබැයි මේ ගැන සාකච්ඡා කරන්න කට්ටියම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලට රැස් වුණා. සාකච්ඡාවෙන් පස්සේ සංගක්කාර මාධ්‍යට අදහස් දැක්වුවා.

“සේරම ප්‍රධාන රටවල් මේ වෙනුවෙන් සහභාගී කර ගන්න පුළුවන් නම් පරිපූර්ණ තරඟයක් වේවි. 2024 ඔලිම්පික් වලට ක්‍රිකට් අැතුලත් කර ගන්න එක එච්චර ලේසි නෑ. මොකද දැනටමත් එ් වෙනුවෙන් සූදානම් වෙන නිසා. හැබැයි 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් අැතුලත් කර ගන්න එක නම් අතිශයින්ම පහසු ඉලක්කයක්. මේ වෙද්දිත් 2028 ඔලිම්පික් උළෙල ගැන සාකච්ඡා කරගෙන යනවා.” කියලයි සංගා කිව්වේ.

කොහොම වුනත් මේ වැඩේ නම් ඉතාම හොද දෙයක්. මොකද ජාත්‍යන්තර ලෝක කුසලාන තරඟාවලියක් තිබිලත් ක්‍රිකට් ඔලිමිපික් වල නැති එක ලොකු අඩුවක්. සංගා අැතුලු කණ්ඩායම මේ වැඩේ කොහොම හරි කරනවා කියන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.


News Articles
Latest Videos
Most Popular Post