News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

කොළඹ අයට ගමන් බිමන් යන්න විදුලි බස් රථ 18 ක් ලංගමට.

734 Views


කොළඹ අයට ගමන් බිමන් යන්න විදුලි බස් රථ 18 ක් ලංගමට.

ලෝකයේ බොරතෙල් දැන් සීඝ්‍රයෙන් ඉවර වීගෙන යන්නේ. එ් නිසා ගොඩක් රටවල් දැන් විකල්ප බලශක්ති වලට යොමු වෙනවා. එ් අතර ප්‍රධානම කාරණයක් තමයි විදුලි මෝටර් රථ කියන්නේ.

ලංකාවේත් දැන් ඕනෑ තරම් විදුලියෙන් දුවන මෝටර් රථ තියෙනවා. ඔන්න මේ අවුරුද්දේ ඉදන් විදුලි බස්රථත් ලංකාවට ගෙන්නන්න යනවා. කොළඹ නගරයේ ධාවනයට විදුලි බස්රථ 18 ක් යොදවන්න ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරලා තියෙනවා.

ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50 ක් ගන්න අමාත්‍ය මණ්ඩලය රුපියල් මිලියන 500 ක් භාණ්ඩාගාරයෙන් අරගෙන. පළවෙනි අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නවා. එ්වා සියල්ල කොළඹ තගරයේ ප්‍රවාහනයට යොදවනවා. ඉතුරු බස් රථ අනෙක් තදාසන්න ප්‍රදේශවල ධාවනයට යොදවනවාලු.

ඉස්සරහට ලංකාවේ අයටත් විදුලි බස් රථ වල යන්න පුළුවන්. හැබැයි ඉතිං එ්වා අාරක්ෂා කර ගන්න එක ඔබේ යුතුකමක්.


News Articles
Latest Videos
Most Popular Post