News Line| Off Air
Generic placeholder image

Jan
13

හතුරුසිංහ සමඟ සිංහ පොතකයින්ගේ පළමු දඩයම – නිළ විකාශන අයිතිය සියතට.

7411 Views


හතුරුසිංහ සමඟ සිංහ පොතකයින්ගේ පළමු දඩයම – නිළ විකාශන අයිතිය සියතට.

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වෙන තුන්කොන් තරඟාවලිය ලබන සදුදා බංගලාදේශයේදී පැවැත්වෙනවා. මේ වෙද්දී ලෝකයේ සුපිරිම පුහුණුකරුවා වෙන හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වුණාට පස්සේ ලංකාව සහභාගී වෙන පලවෙනි තරඟාවලිය තමයි මේක. ඉතින් මේ තරඟාවලියේ සජීවී උණුසුම ලංකාව තුල විකාශය කිරීමේ නිල අයිතිය අද සියත TV හිමිකරගත්තා.

ලංකාවේ සියලු නාලිකා ක්‍රිකට් විකාශය කරන්න භය වුණු කාලේ සියත රටේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඒ අභියෝගය භාර ගත්තා. ඉන් නොනැවතී මේ වසරේත් රටේ ක්‍රිකට් වලට ආදරය කරන ඔබ වෙනුවෙන් ජයග්‍රහණයේ පිපාසයෙන් කුරුමානම් අල්ලන සිංහ පොතකයින්ගේ බංගලි දඩයම සජීවීව පෙන්නන්න සියත TV තීරණය කරා. ඒ අනුව සදුදා ඉඳලා තරඟයේ උණුසුම සියතින් බලන්න සියත 24 අපි ඔබට ආරාධනා කරනවා.

ශ්‍රී ලංකා, බංගලාදේශ, සිම්බාබ්වේ තරඟාවලියේ කාල සටහන බලන්න Click කරන්න


News Articles
Latest Videos
Most Popular Post