වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියට අපේ කණ්ඩායම පිටත් වුනේ ගිය සිකුරාදා. අද වෙද්දී ශ්‍රී ලංකා අපිට සතුටුදායක තොරතුරක් අපට ලැබෙනවා. ඒ 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ සහභාගී වූ පළමු තරඟය කඩුලූ 07 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වෙලා.
අයර්ලන්ත කණ්ඩායම එක්ක පැවවුන තරඟයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. තරඟය පන්දුවාර 48 කට සීමා කිරීමට තරඟ තීරකයින් පියවර ගත් අතර ඒ අනුව නියමිත පන්දුවාර 48 තුළ අයර්ලන්ත කණ්ඩායම කඩුලූ 08 ක් දැවී ලකුණු 207 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා 19 න් පහල කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් බිඳ හෙලූ කඩුලූ ගණන 03 ක්. පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 යි එක් පන්දුවක් තුළ කඩුලූ 03 ක් පමණක් දැවී ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. එම ඉනිම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් ශතකයක් ද කමිඳු මෙන්ඩිස් ලකුණු 74 ක්ද ලබා ගත්තා.