News Line| Off Air
Generic placeholder image

Jan
15

අද ලග්න දෙකකට උදරගත අබාධ ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

841 Views


අද ලග්න දෙකකට උදරගත අබාධ ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 15 වන සඳුදා

රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.55 සිට 09.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.44 සිට 09.17 දක්වා

සුභ දිශාව: වයඹ

මර සිටින දිශාව: නැගෙනහිර

 

 

 

 

මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර වල වෙනසක් ඇති වන ඒ සඳහා තමන් බලාපොරොත්තු වූ සමාජ ගෞරවය ලැබෙන දිනයක්. වෙනදට වඩා කායික ශක්තිය වැඩි වන වැඩිහිටියන්ගේ මෙන්ම මිත්‍රයින්ගේ උදව් ලැබෙන දිනයක්. ලිපි ලේඛන කටයුතු වලින් සාර්ථකත්වය ලබාගැනීමේ වාසනාව ඇත. 

ජය වර්ණය: ලා කහ පැහැය                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

කායික ශක්තිය දුර්වල වන චිත්ත පීඩා ඇති වනවා මෙන්ම වැඩිහිටියන් තමන්ගේ වැඩ වලට මැදිහත් වීම තුලින් ප්‍රශ්න ඇති විය හැකි දිනයක්. කලා කටයුතු හා ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු සඳහා මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ නියුතු වන්නන්ට සුභ දිනයක්. වෙනදට වැඩ තරමක් කල්පනාකාරී වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා නිල් පැහැය                    ජය අංකය: 05

මිථුන ලග්නය

මානසික පීඩා ඇතිවන තමන් හොඳින් සැලසුම් කල කටයුතු පවා නොසිතූ ලෙස අසාර්ථක වන දිනයක්. හවුල් ව්‍යාපාර වල ගැටළු ඇතිවීමේ ඉඩකඩ වැඩියි. කෙසේ වුවද පවුලේ දියුණුව හා සමාජ ගෞරවය අපේක්ෂා කල හැකි දිනයක්. ඉවසිලිවන්ත වීම හා කල්පනාකාරී වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා කොළ පැහැය                 ජය අංකය: 08

 

කටක ලග්නය

විරසක වූ නෑ හිත මිතුරන් නැවත එක්වන යුග දිවියේ තිබු ප්‍රශ්න වියැකී යන දිනයක්. හවුල් ව්‍යාපාර වල හා මානව සම්පත් කළමනාකරණයේ නියුතු වන්නන්ට සුභ දිනයකි. හිතුමතේට තීරණ ගැනීම නව ගැටලුවක ආරම්භය වීමට ඉඩ ඇත.

ජය වර්ණය: රන්වන් පැහැය                         ජය අංකය: 07

සිංහ ලග්නය

තමන්ගේ කායික මෙන්ම මානසික ශක්තිය වැඩි දියුණු කරගත හැකි සුභ දිනයක් වනවා මෙන්ම තම සතුරන් හඳුනාගෙන ඒ වෙනුවෙන් සටන් කිරීමේ හැකියාව ලැබෙන දිනයක්. ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න. උදරගත අබාධ පවතිනවා නම් නිසි ප්‍රතිකාර ගැනීම යහපත්. අසල්වාසීන් තමන්ව සොයාගෙන එන තරමක් කාර්යබහුල වන දිනයක්. කල්පනාකාරී වීම තුලින් සියලු වැඩ සාර්ථක කරගෙනීමේ හැකියාව පවතින දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                     ජය අංකය: 03

කන්‍යා ලග්නය

තරඟ හා අධ්‍යාපන වැඩ කටයුතු වලින් සාර්ථකත්වය ලබාගත හැකි ලිපි ලේඛන කටයුතු වලට ඉතාම සුභ දිනයක්. තම අරමුණු කරා සැලසුම් සකස් කිරීමට යෝග්‍ය දිනයක් වනවා මෙන්ම භාෂා භාවිතය මගින් ජය අත්කරගත හැකි දිනයක්.

ජය වර්ණය: ලා කහ පැහැය                     ජය අංකය: 07

 

තුලා ලග්නය

රැකියා හා වෙළදාම් කටයුතු වලට වෙනදට වඩා උනන්දුවක් දක්වන තම නිවස ආශ්‍රිත වැඩ සොයා බලන දිනයක්. තාක්ෂණික කටයුතු, කර්මාන්ත කටයුත, ලිපි ලේඛන හා යාන වාහන සම්බන්ධ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. දණහිස් ආශ්‍රිතව හා ඇස් අස්ශ්‍රිත රෝගී තත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම වඩා වැදගත්.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 08

 

 

වෘශ්චික ලග්නය

 

තම පෞරුෂය වෙනදට වැඩ දියුණු වන ලිපි ලේඛන හා ගනුදෙනු වැඩි වන දිනයක්. රැකියාවේ වෙනසක් අපේක්ෂා කලමුත් ඒ සඳහා බාධා පවතින දිනයක්. අධික කාර්ය බහුලත්වය හේතුවෙන් තම වැඩ අතපසු වන චිත්ත පීඩා ගෙන දෙන දිනයක් විය හැකිය. කල්පනාකාරී වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා රතු පැහැය                          ජය අංකය: 06

 

 

ධනු ලග්නය

වාග් ශක්තිය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනාගත හැකි දිනයක්. අධික කාර්යබහුලත්වය හා අන් අයගේ වගකීම් තමන් වෙත පැවරීම හේතුවෙන් චිත්ත පීඩා හා ප්‍රශ්න ඇතිවියහැකි දිනයක්. තාක්ෂණික හා පරිපාලන කටයුතු වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයක්. රෝගී තත්වයන් පිලිබඳ සැලකිලිමත් වීම වැඩ වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 05

 

 

මකර ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු කෙරෙහි අලසකමක් ඇතිවන මුත් මිතුරන්ගේ හා වැඩිහිටියන්ගේ උපදෙස් මත නැවත වැඩ කෙරෙහි යොමු වන දිනයක්. හවුල් ව්‍යාපාර වල ගැටළු ඇතිවිය හැකි අදායම් තත්වය සඳහා වැඩියෙන් මහන්සි විය යුතු දිනයක්. අන් අය වෙනුවෙන් වැඩියෙන් වියදම් දැරීමට සිදුවන දිනයක්. කල්පනාකාරීව නිවැරදි තීරණ ගැනීම හා ඉවසිලිවන්ත වීම වඩා වැදගත්.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

රැකියා හා ව්‍යාපාර සම්බන්ධව වෙනදට වඩා අවධානය යොමු කල යුතුයි. නැතිවූ දේවල් නැවත ලැබෙන ගවේෂණ කටයුතු සඳහා යෝග්‍ය දිනයක්. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු සඳහා සුභ දිනයකි. උදරගත රෝග හා ස්නායු රෝග තිබෙනවානම් වහාම ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීම වැදගත්. අන් අය සමඟ මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත වන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                    ජය අංකය: 07

 

 

මීන ලග්නය

ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු සඳහා සුභ දිනයක් වන මුත් කල්පනාකාරිවීම වැදගත්. තමුන් සිදුකරන සංවිධානාත්මක කටයුතු සාර්ථක වන දිනයක්. තරඟ වලින් ජයග්‍රහණ අත්කරගත හැකි නව මිතුරන් හඳුනාගත හැකි දිනයක්. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වීම ඉතා වැදගත්. කොන්ද, තුනටිය හා මුත්‍රාශය ආශ්‍රිත රෝග තිබෙනවා නම් වහාම නිසි ප්‍රතිකාර සඳහා යොමුවන්න. නිසි අවධානයෙන් දවස ගෙවීම වඩා වැදගත්.    

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post