News Line| Off Air
Generic placeholder image

Jan
15

සුද්දා නවත්තපු තැනින් චීන්නු වැඩ පටං අරන්. දිගම උමග, දිගම පාළම, සුපිරිම Station එක්ක එන ලංකාවේ අලුත්ම රේල් පාර මෙන්න. (PHOTOS)

3663 Views


සුද්දා නවත්තපු තැනින් චීන්නු වැඩ පටං අරන්. දිගම උමග, දිගම පාළම, සුපිරිම Station එක්ක එන ලංකාවේ අලුත්ම රේල් පාර මෙන්න. (PHOTOS)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඔබ දකුණු පළාතට යනව නම්, ඔබට මේ වෙද්දී යන්න පුළුවන් උපරිම දුර මාතර වෙනකන් විතරයි. එත් ඔන්න මාතර ඉඳන් කතරගම වෙනකන් යන්න ඔබට අවස්ථාවක් මේ අවුරුද්දේ ලැබෙන්නයි යන්නේ. ඒ මාතර ඉඳන් බෙලිඅත්ත වෙනකන් දුම්රිය මාර්ගයේ පළමු අදියර මේ අවුරුද්දේ විවෘත කරන්න නියමිත නිසා.

බෙලිඅත්ත දක්වා වුන පළමු අදියරේ රේල්පිලී ඇතිරීමේ කටයුතු ආරම්භ කෙරෙමින් පසුගියදා තමයි කරුණු අනාවරණය කලේ.

චීන රජයේ අධාර යටතේ ඇ.ඩො.බිලියන 248ක වියදමකින් ඉදිකෙරෙන කි.මී.26.4ක මෙම මාර්ගයේ දුම්රිය පැයට කි.මී. 120ක වේගයෙන් ධාවනය කළ හැකි වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමෙන් පස්සේ නවතම දුම්රිය මාර්ගයක් විදිහට පලවෙනි වතාවට ඉදිවන මෙම දුම්රිය මාර්ගයේ ඉදිවෙමින් පවතින සියලුම දුම්රිය ස්ථාන අන්තර්ජාතික මට්ටමේ දුම්රිය ස්ථාන විදිහට ඉදිකෙරෙනවා.

මේ සුපිරි දුම්රිය ස්ථානවලට අමතරව සුපිරි සහසුකම් සහිතව මෙම දුම්රිය සේවාව ස්ථාපිත කෙරෙන බවත්, බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගයේදී ලංකාවේ දිගම දුම්රිය පාලම, ගුවන් පාලමක් ලෙසින් කි.මී. 1.5ක් දක්වා වූ දුරකට ඉදිකර තිබීම විශේෂත්වයක්.

ඒ වගේම, මෙම දුම්රිය මාර්ගයේදී මෙරට දිගම උමං දුම්රිය මාර්ගයද හමුවන අතර එම උමගේ දිග මීටර් 625ක්. එය නාකැටිය ප්‍රදේශයේ කන්දක් හරහා ඉදිකළ බවද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් කලා.

ඒ වගේම, උසින් මීටර් 21ක් වන වෙහෙරගොඩ දුම්රිය පාලමද මෙරට උසින් වැඩිම දුම්රිය පාලම වෙනවා. බෙලිඅත්ත දක්වා වූ කි‍ලෝමීටර් 26.4ක දුර ප්‍රමාණය සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් ස්ථාපිත කරල තියෙනවා.

එහිදී, ප්‍රධාන දුම්රිය ස්ථාන කැකණඳුර, බඔරැන්ද, වැවුරුකන්නල හා බෙලිඅත්ත දුම්රිය ස්ථාන ලෙසින් හා පිලදූව සහ වෙහෙරහේන උපදුම්රිය ස්ථාන විදිහට තමයි ඉදිකෙරෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post