ලංකාවේ සංස්කෘතියට අනුව කාන්තාවන්ට මත්පැන් තියෙන තැනකින් යන එකත් හොඳ නෑ. අපි එ්කේ හරි වැරුද්ද කතා කරන්න යනනේ නෑ. කොහොම වුනත් පහුගිය දවසක මුදල් අැමතිතුමා අාන්දෝලනාත්මක ගැසට් පක්‍රයකට අත්සන් කරා.
එ් කාන්තාවන්ටත් තැබෑරුම්වල වැඩ කරන්න, මත්පැන් ලබා ගන්න සහ නිශ්පාදනය කරන්න අවසර දීලා. හැබැයි ජනාධිපතිතුමා මේ ගැන දැනගෙන ඉඳලා නෑ. එතුමා ප්‍රවෘත්තිවලින් තමයි මේ ගැන දැනගෙන තියෙන්නේ.
අලුත් ගැසට් එක ගැන දැන ගත්තා විතරයි ජනාධිපතිතුමා කඩුව අතට ගත්තා. වහාම ගැසට් එක අහෝසි කරනවා කියලා කිව්වා. මේ අතරේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙන ගන්න ලංකාවේ තරුණියක් ජනාධිපතිතුමාට Twitter පණිවිඩයක් තියලා තිබ්බා.
කාවින්ද්‍යා තෙන්නකෝන් කියන තරුණිය කියලා තිබ්බේ තමන් ඉගෙන ගන්නා ගමන් තැබෑරුම් හලක වැඩ කරනවා කියලා. “මම ලංකාවේ තරුණියක් ඔක්ස්ෆර්ඩ් එකේ ඉගෙන ගන්නා ගමන් බාර් එකක වැඩ කරන. ඔබේ රටේ කාන්තාවෝ තීන්දු තීරණ ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙක් දූෂණය කරලා තිබ්බා. එ් වගේ වැදගත් ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තම වාදය පසුවට තියන්න.” කියලයි අැය සටහනක් තියලා තිබ්බේ.
මේ තියෙන්නේ අැය තියපු Twitter සටහන.