News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

“මටත් වැරදුණා. මෛත්‍රීටත් වැරදුණා. උපදේශකයෝ අපිව කෑවා.” – හිටපු ජනපතිගෙන් අාන්දෝලනාත්මක ප්‍රකාශයක්.

1202 Views


“මටත් වැරදුණා. මෛත්‍රීටත් වැරදුණා. උපදේශකයෝ අපිව කෑවා.” – හිටපු ජනපතිගෙන් අාන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තමාටයි වත්මන් ජනාධිපතිතුමාටයි දෙන්නටම වැරදුණ තැනක් ගැන හිටපු ජනාධිපතිවරයා හෙළිදරව් කරා. පාලන කාලය ඉවර වෙන්න අවුරුදු 2 ක් තියලා හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳෙව්වා. එ් නිසා වෙලාසනම එතුමට ගෙදර යන්න වුණා. එ් විදියටම කරලා වත්මන් ජනාධිපතිතුමාටත් වැරදුණා කියලයි හිටපු ජනාධිපතිතුමා කිව්වේ.

“මට බැණ බැණ ගියා අවුරුදු දෙකක් තියලා ඉස්සෙල්ලා මම අාවා කියලා. මම අවුරුදු 02 ක් පරිත්‍යාග කළා. වැඩේ වැරදුණා එතකොට එ්ක පරිත්‍යාගයක්. හැබැයි මෙයා මොකද කළේ? පහ මදිවෙලා හයක් කොරගන්න ගියා. ඔන්න මට වෙච්ච වැඩේම මිනිහටත් වෙලා. එ්ක පරිත්‍යාගයක් කියන්න පුළුවන් දැන්. එ්කට කියන්නේ “දිට්ඨ ධම්මවේදනීය කර්මය” කියලා. ඕක තමයි උපදේශකයින්ගෙන් පරිස්සම් වෙන්න කියන්නේ. වටේ ඉන්න උපදේශකයෝ දෙන්නැති නඩුකාරයට කියලා මේක බේරලා දෙන්නම් කියලා.” හිටපු ජනාධිපතිතුමා කිව්වේ එහෙමයි.

අැත්තටම දෙන්නාටම එකම වරද වුණාද? උපදේශකයෝ කියන දේ අහලද ජනාධිපතිවරු දෙන්නටම වැරදුණේ. එ් ගැන නම් ඉතිං හොඳටම දන්නේ එතුමන්ලා දෙන්නාම තමයි.


News Articles
Latest Videos
Most Popular Post