පහුගිය දවස් කිහිපයේ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට ලොකු ප්‍රහාරයක් එල්ල කරා. සමහරු පිට්පොකට් ජනාධිපති කියලත් කිව්වා. මේ කතාවලට ජනාධිපතිතුමාට හොඳටම තරහා ගිහින්.
ඊයේ තිබ්බ කැබිනට් රැස්වීමට ජනාධිපතිතුමා අාවේ කඩුවත් අරන්. ඒකෙදි දැඩි අාවේගයකින් පැය භාගයක් විතර එතුමා කථා කරා.
“සමහරු මාව බය කරන්න හදනවා, සමහරු මාව යවන්න හදනවා, තවත් අය බණ්ඩාරනායක මහත්තයා ගිය පාරේ යවන්න හදනවා. කලබල වෙන්න ඕනෑ නෑ මම යන්න ලෑස්තියි.” කියලයි එතුමා කිව්වේ.
මේ කතාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ නම් කියමින් දැඩි විවේචනයකුත් කරා. එ් හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ අමාත්‍යවරුන් දෙදෙනාට සහ නලින් බණ්ඩාර, චමින්ද විජේසිරි සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන්වත් ජනාධිපතිතුමා විවේචනය කරා.
“මම විධායක ජනාධිපති කෙනෙක් විදියට නෙවෙයි හැමෝටම සැලකුවේ. ඕනි දෙයක් මාත් එක්ක කතා කරලා විසඳගන්න පුළුවන්කම තියෙද්දි ඔයගොල්ලෝ ඔය වගේ හැසිරෙනවා නම් මටත් විධායකයේ බලය පෙන්නන්න පුළුවන්.” කියලා ජනාධිපතිතුමා තව දුරටත් කිව්වා. වේගවත් කතාවෙන් පස්සේ එතුමා කැබිනට් රැස්වීමෙන් නැගිටලා ගියා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ජනාධිපති කෙනෙක් මේ විදියට කැබිනට් රැස්වීමෙන් නැගිටලා ගියේ.
ජනාධිපතිතුමා නැගිටලා ගියා විතරයි අගමැතිතුමා සහ එජාප, ශ්‍රීලනිප අැමතිවරු කිහිප දෙනෙකුත් ජනාධිපතිවරයා හොයාගෙන ගියා. ජනාධිපතිතුමා එක්ක කරපු දීර්ඝ සාකච්ඡාවකට පස්සේ පක්ෂ දෙකේ නායකයන්ව විවේචනය නොකරන්න තීන්දු කර ගත්තා.