News Line| Off Air
Generic placeholder image

Jan
18

තියුණු සටනකට පසු ලංකාව සිම්බාබ්වේට පරදියි. හතුරුගේ උත්සාහය අසාර්ථකද?

1425 Views


තියුණු සටනකට පසු ලංකාව සිම්බාබ්වේට පරදියි. හතුරුගේ උත්සාහය අසාර්ථකද?

පුදනකොටම කාපි යකා වගේ වැඩක් අද ලංකාවට වුනේ. 2018 වසරේ පළවෙනි තරඟයත් ලංකාව ලකුණු 12 කින් පැරදුණා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකන් ලංකාව හොඳ තරඟයක් දුන්නා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ ලංකාව. හැබැයි මුලින්ම ලකුණු රැස් කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව දුන්නා. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත සිම්බාබ්වේ ක්‍රීඩකයින් පළවෙනි කඩුල්ලට ලකුණු 75 ක් රැස් කරා. සොලමන් ලකුණු 34 කට දැවී ගියා. බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 38 යි. සිම්බාබ්වේ කණ්ඩායමට හොද අාරම්භයක් ලබා දුන්න හැමිල්ටන් මසකඩ්සා ලකුණු 73 යි. එ් 4 පහර 10 ක් එක්ක. හැමිල්ටන් නවත්තපු තැනින් පටන් ගත්ත සිකන්දර් රාසා නොදැවී ලකුණු 81 යි. 4 පහර 8 ක් සහ එක් හයේ පහරක් ඔහුගේ ඉනිමට අැතුලත් වුණා. මැල්කොල්ම් ලකුණු 29 යි.

පන්දුවාර 50 අවසන් වෙද්දි සිම්බාබ්වේ ක්‍රීඩකයින් ලකුණු 290 ක් ලබා ගත්තා. එ් කඩුලු 6 ක් විතරක් දැවී. සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කරන්න පුළුවන් වුනේ අසේලට විතරයි. ඔහු කඩුලු 3 ක් දවා ගත්තා. තිසර කඩුලු 2 යි.

ලංකාවට ලකුණු 291 ක දැවැන්ත ඉලක්කයක් ලැබුණා. හැබැයි ලංකාවේ අාරම්භය නම් සාර්ථක වුණේ නෑ. තරංග ලකුණු 11 කට දැවී ගියා. දිගටම අසාර්ථක වෙන කුසල් මෙන්ඩිස් අදත් ලකුණු නොලබා දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුණ කුසල් පෙරේරා සහ අැන්ජලෝ මැතිව්ස් ලකුණු 85 ක සබඳතාවක් ගොඩනැගුවා. ලංකාවේ සාර්ථකම පිතිකරුවා වුණේ කුසල් පෙරේරා. ඔහුගේ සුපුරුදු වේග රිද්මයෙන් ලකුණු 80 ක් රැස් කරා. එ් 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් එක්ක. අැන්ජලෝ මැතිව්ස් ලකුණු 42 යි. කාලෙකට පස්සේ එන්දින කණ්ඩායමේ ස්ථානයක් ලැබුණ චන්දිමාල් වේගවත් ලකුණු 34 ක් ලබා ගත්තා.

ටිකෙන් ටික ලංකාව පරාජය වෙත යද්දී තිසර එක අන්තයක තනියම සටන් වැදුණා. තනියම සටන් කරපු ඔහු එක අවස්ථාවක ලංකාව ජයග්‍රහණය ලඟටම අරන් අාවා. එ්ත් අතට ගත්ත එක කටට දාගන්න ලංකාවට වාසනාව තිබ්බේ නෑ. තිසර ලකුණු 64 කට දැවී ගියා. තිසරගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් අැතුලත් වුණා. ලංකාවේ සියලුම ක්‍රීඩකයන් පන්දුවාර 48.1 වෙද්දී දැවී ගියා.

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12 ක තියුණු ජයක් ලැබුණා. තරඟයේ වීරයා සික්නදර් රාසා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට බංගලාදේශය එක්ක තරඟ වදින්න නියමිතයි. අපි බලමු ලංකාව බංගලියන්ට කොහොම මුහුණ දෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post