News Line| Off Air
Generic placeholder image

Jan
19

ජනපති මෛත්‍රී ගෙදර යන දවස පළමු වරට හෙළිකරයි.

473 Views


ජනපති මෛත්‍රී ගෙදර යන දවස පළමු වරට හෙළිකරයි.

ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කවද්ද? පහුගිය දවස්වල ලංකාවේ ලොකුම ප්‍රශ්නය ඕක. අන්තිමේදී ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මේ ගැන අැහුවා. එතුමාට අවුරුදු 5 ක විතරයි ඉන්න පුළුවන් කියලයි තීන්දුව ලැබුණේ.

හැබැයි ජනාධිපතිතුමා නම් අද කිව්වේ වෙන කතාවක්. එතුමා කවදා හරි විශ්‍රාම යන්නේ අපේ රටේ දූෂණය නැති කරලලු. රටේ දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා පහුවදාම ගෙදර යනවා කියලයි ජනාධිපතිතුමා කිව්වේ.

කොහොම වුනත් ලංකාවේ තියෙන වංචාවයි, දූෂණයයි මේ කපේට නැති කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. එහෙම වුනොත් නම් ජනාධිපතිතුමාට සදාකාලිකවම ධූරයේ ඉන්න තමයි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post