News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

බැඳුම්කර වාර්තාවේ පිටු 103 ක් අඩුවුන හේතුව මෙන්න.

682 Views


බැඳුම්කර වාර්තාවේ පිටු 103 ක් අඩුවුන හේතුව මෙන්න.

ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරපු සිදුවීමක් තමයි බැඳුම්කර වංචාව කියන්නේ. බැඳුම්කර බෝම්බයෙන් ගොඩක් මැති අැමතිවරුන්ට තුවාල වුණා. බැඳුම්කර කොමිසමේ වාර්තාව පහුගිය දවසක ජනාධිපතිතුමාට දුන්නා.

මැති අැමතිවරු වගේම රටේ විද්වතුනුත් මේ වාර්තාව ඉල්ලුවා. එ් නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට දැම්මා. හැබැයි කොමිසමෙන් දීපු වාර්තාවට වඩා අන්තර්ජාලයට දාපු වාර්තාවේ පිටු 103 ක් අඩුයි. ජනවාරි 03 වෙනිදා ජනාධිපතිතුමා ජාතිය අමතා කරපු කතාවේ කිව්වේ වාර්තාවේ පිටු 1,257 ක් තියෙනවා කියලා. හැබැයි අන්තර්ජාලයේ තියෙන වාර්තාවේ තියෙන්නේ පිටු 1,154 යි.

හැමෝටම ප්‍රශ්නයක් වුන අඩුවුන පිටු 103 ට වුනේ මොකක්ද කියලා සියත 24 හොයලා බැලුවා. මේ වාර්තාවේ මහ බැංකුවේ ඉතාම රහසිගත තොරතුරු පවා තියෙනවා. එ්වා වෙන කෙනෙක්ගේ අතට ගියොත් ලංකාවේ අාර්ථිකයට ලොකු හානියක් වෙන්න පුළුවන්. එ් නිසා වාර්තාව ලබා දෙනකොටම කොමිසම ජනාධිපතිතුමාට කිව්වේ එ් පිටු ප්‍රසිද්ධ කරන්න එපා කියලා.

එ් වගේම මේ වාර්තාවේ සමහර මන්ත්‍රීවරුන්ගේ සහ අැමතිවරුන්ගේ පෞද්ගලික තොරතුරු පවා අැතුලත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද නිසා එ් තොරතුරු ප්‍රසිද්ධ කරන්නත් බෑ. ඔය විස්තර ටික හලලා තමයි වාර්තාව අන්තර්ජාලයට දාලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post