News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

බුද්ධගයාවේ අධි බලැති බෝම්බ දෙකක්. දලෙයි ලාමාතුමා අනූනවයෙන් බේරෙයි.

1571 Views


බුද්ධගයාවේ අධි බලැති බෝම්බ දෙකක්. දලෙයි ලාමාතුමා අනූනවයෙන් බේරෙයි.

දඹදිව බුද්ධගයාව කියන්නේ ලෝකයේම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් සිදුවුණ පූජනීය ස්ථානයක් තමයි බුද්ධගයාව. එ් නිසා දවසකට දස දහස් ගණන් බෞද්ධ බැතිමතුන් බුද්ධගයාව වැඳපුදා ගන්න එනවා.

පහුගිය සිකුරාදා (19) බුද්ධගයාවේ තිබිලා කිලෝග්‍රෑම් 10 බැගින් බර අධි බලැති බෝම්බ දෙකක් හොයා ගත්තා. එක බොම්බයක් තිබ්බේ බුද්ධගයා විහාරයට පිවිසෙන සිව්වැනි දොරටුව අසල. අනිත් බෝම්බය ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න අාරාමය අසල සඟවලා තිබ්බා.

මේ බෝම්බ දෙක හොයා ගන්න කලින් ටිබෙටයේ අාගමික නායක දලයි ලාමාතුමා අාගමික වැඩසටහනක් පවත්වලා තිබ්බා. එතුමාගේ පූජාවට දේශීය සහ විදේශීය බැතුමතුන් දසදහසකට වඩා අැවිත් හිටියා. නිකන් හරි එ් බෝම්බ දෙක පිපිරුණා නම් සිද්ධ වෙන විනාශය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

දලෙයි ලාමාතුමාගේ පූජාවෙන් පස්සේ පිපිරීම් හඩක් අැහිලා තියෙනවා. ඊට පස්සේ ප්‍රදේශය පුරා කරපු සෝදිසි කිරීම් වලින් පස්සේ තමයි මේ බෝම්බ හොයාගෙන තියෙන්නේ. දලෙයි ලාමාතුමා පෙබරවාරි 02 දා දක්වා ඉන්න නිසා අාරක්ෂාව තවත් වැඩි කරලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post