News Line| Off Air
Generic placeholder image

Jan
22

හතුරු සමග සිංහයන් ජය පැන් බොද්දි ඇන්ජලෝ මැතිව්ස් පිටව යයි.

4683 Views


හතුරු සමග සිංහයන් ජය පැන් බොද්දි ඇන්ජලෝ මැතිව්ස් පිටව යයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට කාලෙකට පස්සේ වසන්තය උදා වුණා. ඒ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලු 5 ජයක් ලබා ගැනීමත් සමගයි. ලංකාවට කඩුලු 05 ක ජයක් ලැබුණා. මේ අවුරුද්දේ ලංකාව ලබා ගත්ත පළවෙනි ජයග්‍රහණයත් එ්ක. තරඟාවලියේ සිව්වන තරඟය වූ ඊයේ කාසිය වාසිය දිනා ගත්තේ සිම්බාබ්වේ නායකයා. ඔහු තීරණය කරේ මුලින්ම පන්දුවට පහර දෙන්නයි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44දී සියල්ලන් දැවී ලකුණු 198ක් රැස් කරා. පන්දු යැවීමේදී තිසර මේ තරඟයේදීත් කඩුලු 3ක් දවා දන්න සමත් වුණා. අනතුරුව ලකුණු 199 ක ඉලක්කයක් හඹා ගිය ලංකාව පන්දුවාර 44.5 දී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 202 ලබා ගනිමින් කලකට පසු එක්දින ජයක් ලබා ගත්තා. තිසරගේ පිත්තෙන් එල්ලවූ 6 පහරක් සමගයි ලංකාව ජය පැන් බොන්න පටන් ගන්නේ.

කොහොම වුණත් ලංකාවේ සුදු පන්දුවේ නිත්‍ය නායකයා වුනු ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා. ඒ අනුව ඉදිරි තරඟ වලදීත් දිනේෂ් චන්දිමාල් ලංකාවේ නායකයා ලෙස කටයුතු කරනු ඇතියි. ඊයේ සිම්බාබ්වේ පරදා ලංකාව ජයගත් තරඟය හතුරුසිංහ පුහුණුකාර ධුරයට පැමිණි පසු ලංකාව ලැබූ පළමු ජය ලෙසද ඉතිහාස ගත වෙනවා. තරඟාවලියේ මීලග තරඟය සිම්බාබ්වේ සහ බංගලාදේශය අතර හෙට (23) පවත් වෙනවා. තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරඟය බ්‍රහස්පතින්දා (25) බංගලාදේශය සමග පැවැත්වෙනවා. එම තරඟයත් ශ්‍රී ලංකාව ජය ගත හොත් සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සහභාගී විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post