ලග්න දෙකකට අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
3879 Views
අද ජනවාරි මස 23 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.47 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.25 සිට 04.57 දක්වා
සුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

කෝපය, වෛරය, අනුන්ට හිරිහැර කිරීමේ ගතිය පෙන්වන දිනයක්. නිසි තීරණ ගැනීම හා හොඳට සිතා බලා වැඩ කටයුතු සිදුකිරීම වැදගත්. කෝපය ඇතිව වැඩ කිරීම හා තීරණ ගැනීම ඉතාම භයානකයි. මුදල් හා සම්බන්ධ ගණුදෙනු වලදී ප්‍රවෙසම්ව මෙන්ම අවංකව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 03
වෘෂභ ලග්නය

වෙනදට වඩා බොහෝ ප්‍රීතියෙන් දිනය ආරම්භ කරයි. යහපත් සිතුවිලි ඇතිවන, අන් අය අතර කැපී පෙනෙන ඔබට ඉතාම වාසනාවන්ත දිනයක්. විදේශගත වීමට බලාපොරොත්තු වන ඔබට සුභ දිනයක් වන අතර නව අදහස් සමඟ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ දිනයක්. කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02
මිථුන ලග්නය

අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩාත් යෝග්‍ය දිනයක්. රැකියාවේ මෙන්ම තමන්ගේ වෙළඳාම් කටයුතු වල වෙනසක් අපේක්ෂා කරා නම් ඒ සඳහා සුභ දිනයක්. ලිපි ලේඛන සම්බන්ධ කටයුතු වලට හා නිර්මාණ කටයුතු වලට ඉතා දක්ෂ වන දිනයකි. අයුක්තිය හා අසාධාරණයට එරෙහිව කුමන හෝ ලෙසකින් ඔබ කටයුතු කරන දිනයක්. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01
කටක ලග්නය

ගැඹුරු කල්පනා ශක්තිය මත වැඩ කටයුතු කරන දිනයක්. අන් අය අතර සිත් දිනාගන්න චරිතයක් බවට පත්වන ඔබ අන් අය තේරුම් ගන්නා, ඔවුන්ට උදව් කාරනා ආදර්ශමත් කෙනෙකු ලෙස අද දිනය ගත කරයි. අනවශ්‍ය ප්‍රවේසම ඔබට අසුභයි. කල්පනාකාරී වන්න. නිවසක් ගැනීමට, අලුතින් වාහනයක් ගැනීමට කටයුතු කල හැකි සුභ දිනයක්.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

ගංගා හා ඇලදොළ ආශ්‍රිතව ඔබ වෙසෙනවා නම් ප්‍රවේසම් විය යුතු දිනයක්. නොදන්නා අය සමඟ ආශ්‍රයේදී කල්පනාකාරිව කටයුතු කරන්න අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකෙන්න. කාරනා කියන වැඩ කටයුතු සියල්ලම සැලසුම් සහිතව කල්පනාකාරීව මෙන්ම ඉවසිලිවන්තව කිරීම වැදගත් වන අතර වාහන ධාවනයේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයක්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08
කන්‍යා ලග්නය

වාග් ශක්තුය ඉතා ඉහල දිනයක්. තමන්ගේ කතාව තුලින් අන් අයගේ සිත දිනාගැනීමේ හැකියාව ඇත. තම රැකියාවටද එමගින් වටිනාකම් ඇතිකරගැනීමේ හැකියාව ඇති දිනයකි. නොබියව හා අවංකව කටයුතු කරන්න. ව්‍යාපාර වලට හා තම නිර්මාණ කටයුතු වල සාර්ථකත්වයට ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

සොබාදහමට බොහෝ ලැදිකමක් දක්වන දිනයක්. ඔබගේ වැඩ කටුයතු මනා සැලසුමක් සහිතව හා සමතුලිතව ඔබ කරගෙන යයි. යහපත් සිතුවිලි, නව අදහස් ඇතිවන දිනයක්. සෙම් රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. අන් අයගෙන් ප්‍රවෙසම්ව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 06
වෘශ්චික ලග්නය

අද ඔබ කරනා වැඩ සියල්ලක්ම බොහෝ මහන්සි වී සිදුකරයි. අන් අය අතර කැපී පෙනීමේ හැකියාව ඇති ඔබට අන් අය සමඟ කටයුතු කිරීමේදී වෙනදට වඩා ඔවුන්ව තේරුම් ගැනීමේ හැකියාව ඇත. අන්අයගේ ගෞරවයද නොඅඩුව ලැබෙන දිනයකි. කෙසේවුවත් ප්‍රවේසමෙන් කටයුතු කිරීම වඩාත් වැදගත්.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

පාලනයට හා නායකත්වයට දක්ෂ වන අන් අය අතර වැඩි ගෞරවය හිමිවන දිනයක්. වඩාත් යහපත් සිතුවිලි සමග අද දිනය ඔබ ආරම්භ කරයි. ප්‍රශ්න විසදීමේදී වඩාත් කල්පනාකාරී වන ඔබ ඒවාට නිසි ලෙස මුහුණ දෙන අතර වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන දිනයක්. කාර්යබහුලත්වය වැඩි වන නිසාම වගකීම්ද ඉහළ යන දිනයක්. එබැවින් ඉවසිලිවන්ත වීම ඔබට වැදගත් වේවි.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 04
මකර ලග්නය

සියලුම නිර්මාණ වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. එබැවින් නව අදහස් හා නිර්මාණ සමග ඔබගේ වැඩ කටයුතු නොබියව හා විශ්වාසයෙන් ආරම්භ කරන්න. අන් අය අතර විශ්වාසය දිනාගන්න ඔබට අන් අයගේ ආදරය නොඅඩුව ලැබෙන දිනයකි. කතාවෙන් අන් අය අතර ජනප්‍රිය වන දිනයකි. කෞතුක භාණ්ඩ වලට වැඩි ඇලුමක් දක්වන හා ඒවා ලැබෙන දිනයක්. කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

නිර්මාණ කටයුතු වලට හා සුක්ෂම වැඩ කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයක්. සතුරන් මර්දනය කර ඉදිරියට යා හැකි දිනයක් වන අතර ඒ නිසාම අන් අයගේ චෝදනා විදිමීට සිදුවන දිනයක්. ඉවසීමෙන් හා ඔබ ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. පෙර පින්දහම් අද ඔබට සුභ ප්‍රතිඵල ගෙනදෙන දිනයක්. කාය ශක්තිය වර්ධනය වනමුත් අසනීප තත්වයන් පවතිනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
මීන ලග්නය

අධ්‍යාත්මීක ශක්තිය වැඩි වර්ධනය වන දෙමව්පියන්ගේ වැඩි ආදර, රැකවරණය හා පාරම්පරික උරුමයන් ලැබෙන දිනයක්. ඔබත් වඑනදට වඩා අන් අයට ආදරයෙන් හා කරුණාවෙන් සලකන අතර අන් අයද ඔබට වඩාත් සමීප වන දිනයකි. සරලව සෑම ප්‍රශ්නයක් විසදීමේ හැකියාව ලැබෙයි. ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ පැසසුම් වලට ලක්වන දිනයක්. අවංක වන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ගුරු කහ රතු මිශ්‍ර පැහැය ජය අංකය: 01
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829