වැඩි වේලාවක් හිඳගෙන සිටීමෙන් දියවැඩියා හා හෘද රෝග අවදානමක්
හිඳගෙන සිටින අයගේ ශරීරයේ ඉන්ද්‍රියයන් වටා තෙල් තැන්පත්වී දෙවැනි ඝනයේ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරවන බව එක්‌සත් රාජධානියේ ලෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වෙලා තියෙනවා.
මේ විදිහට පිටතට පෙන්නේ නැති උදරය හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා තැන්පත් වෙන තෙල් නිසා පිළිකා, ආඝාතය (ස්‌ට්‍රොaක්), හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බවත් හෙළිවෙලා තියෙනවා.
දවසේ වැඩි වේලාවක් හිඳගෙන සිටින අයගේ ශරීරයේ ඉන්ද්‍රියයන් වටා තෙල් තැන්පත්වී දෙවැනි ඝනයේ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි බවයි අලුත්ම පරීක්ෂණයකින් හොයාගෙන තියෙන්නේ.
මේ විදිහට වැඩි වේලාවක් හිඳගෙන ඉන්න අයගේ ඉන්ද්‍රියයන් වටා හා උදරය වටා තෙල් තැන්පත් වීම ඉතා ඉහළ මට්‌ටමක පවතින බවත හෙළිවෙලා තියෙනවා. විශේෂයෙන්ම අක්‌මාව, අග්න්‍යාශය හා වකුගඩු වටා තැන්පත් වන තෙල් ප්‍රමාණය පිටතට දිස් නොවුනත් ලෙඩ රෝග හැදෙන්න තරම් භයානකයි.
මේ විදිහට ඉන්ද්‍රියයන් වටා අධිකව තෙල් තැන්පත් වීම හරහා ඉන්සියුලින් ප්‍රතිරෝධ තත්ත්වයක් හට ගැනීමෙන් දෙවැනි ඝනයේ දියවැඩියා රෝගයට මඟ පාදනවා. වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න අයගේ වඩාත් හානිකර බලපෑමකලක්වෙන්නේ සිය විවේක කාලය තුළදී කිසිදු කාර්යයක් නොකර සිටින අය බවයි අධ්‍යයනයේදී අනාවරණය වෙලා තියෙන්නේ.
මේ අධ්‍යයනය මෙහෙයවපු ලෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ජෝ හෙන්සන්ට අනුව ගොඩක් දෙනාට ඉන්ද්‍රියයන් ආශ්‍රීත රෝගා බාධයන් වැළඳීමට මෙම ඉන්ද්‍රියයන් වටා තැන්පත් වන තෙල් මඟ පාදනවා. ඔහුට අනුව ඉතා කෙට්‌ටු ශරීරයන් තියන අයගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටේටත් මේ අති භයානක තෙල් තැන්පත් වෙලා තියෙන්න පුළුවන්.
මෙහිදී වෙෙද්‍ය හෙන්සන් හා ඔහුගේ පර්යේෂණ කණ්‌ඩායම දෙවැනි ඝනයේ දියවැඩියාව වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයින් 124 දෙනෙකු එම්.ආර්.අයි ස්‌කෑන් යන්ත්‍රය හරහා ස්‌කෑන් පරීක්‍ෂාවට ලක් කරලා තියෙනවා. මේකෙදි අනාවරණය වෙලා තියෙන්නේ,අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආශ්‍රීතව තැන්පත් වන තෙල් හා හිඳගෙන සිටීම අතර ශක්‌තිමත් සබඳතාවයක් පවතින බවයි.
මේ අධ්‍යයනයෙහි ප්‍රතිඵලවලට අනුව වැඩි වේලාවක් හිඳගෙන සිටීමෙන් ඇතිවන බෝ නෝවන රෝගාබාධයන් වළක්‌වා ගැනීමට සතියකට විනාඩි 150 ක් විතර කායික ව්‍යායාමවල දෙන්නම ඕන.