News Line| Off Air
Generic placeholder image

Jan
23

පොලිසියට හිතුමතේ වෙඩි තියන්න පුලුවන්ද? කතරගම වෙඩි පහර සමග කරළියට ආ හරිම නීතිය මෙන්න. – Exclusive

5893 Views


පොලිසියට හිතුමතේ වෙඩි තියන්න පුලුවන්ද? කතරගම වෙඩි පහර සමග කරළියට ආ හරිම නීතිය මෙන්න. – Exclusive

මේ වෙද්දී කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මිය යෑම ගැන රටම කතා වෙනවා. ඒත් එක්කම ගොඩාක් අයගේ හිතේ මෙන්න මේ ප්‍රශ්න කැකෑරෙනවා. “කොහොමද එහෙම වෙඩි තියන්නේ, දණ හිසෙන් පහලට නේද වෙඩි තියන්න ඕනේ, පොලිසියට තියෙන්නේ අවම බලය නෙවෙයිද?”
ඉතිං සියත 24 අපි කල්පනා කරා මෙහෙම සිද්ධියකදී ලංකාවේ හරිම නිතිය මොකද්ද කියලා හොයලා බලලා ඔබට කියන්න.

ඔව්, ලංකාවේ නිතිය අනුව ඕනෙම පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියන්න බලය තියෙනවා. හැබැයි ඒ මෙන්න මේ වගේ අවස්ථා වලදී විතරයි.

01. පොලිස් අණ නොතකා රිය ධාවනය
02. වැටලීමකදී සැකකරුවන් පැනයාමට තැත් කළහොත්
03. පොලිස් භාරයෙන් පැන යන්න උත්සාහ කරන විටක

මෙහෙම අවස්ථාවක ඒ පැන යාම වලකන්න අතේ තියෙන ගිනි අවියෙන් තියන්න ඕනෑම පොලිස් නිලයකට අයිතිය තියෙනවා. හැබැයි ඒ දණහිසෙන් පහළට විතරයි.

එතකොට මෙන්න මේ අවස්ථා වලදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් හෝ ඊට ඉහළ නිලයක් අණ දුන්නොත් පොලිසියට පුළුවන් පහර දෙන්න.

01. මහ ජනතාව පීඩාවට පත්වන හැසිරීම්
02. ගැටුමක්
03. කැරැල්ලක්
04. රාජ්‍ය දේපළ හානි කිරීමක්

මෙහෙම අවස්ථාවකදී කැරලි මර්ධන ඒකකයේ වගේම STF සහයෝගය අරගෙන ඉහළ අණ පරිදි කඳුළු ගෑස්, ජල ප්‍රහාර, රබර් උණ්ඩ, බටන් පොලු ප්‍රහාර එල්ල කරන්නත් පොලිසියට බලය තියෙනවා.

ඒ වගේම සමහරු හිතනවා පොලිසියට තියෙන්නේ අවම බලය කියලා. නැහැ, ඇත්තටම ලංකාවේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට අනුව අපරාධයක් වැලැක්වීම සඳහා අවශ්‍ය කරන බලය යොදන්න පොලිසියට පුළුවන්. ඒ බැටන් පොලු වලින්ද කඳුළු ගෑස් ගහලද නැත්තං දණ හිසෙන් පහලට වෙඩි තියලද කියලා ඒ අවස්ථාව අනුව පොලිසියට තීරණය කරන්න පුළුවන්.

ඒ වගේම කොයිම හරි විදිහකට පොලිස් නිලධාරියෙක් අතින් වෙඩි තැබීමක් සිදුවුනොත්, පස්සේ ඒ සිදුවීම ගැන පිටු 10ක විතර වාර්තාවක් හදන්නත් ඕනේ.

 

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post