News Line| Off Air
Generic placeholder image

Jan
24

පැසිපික් මුහුදේ ඉදන් තංගල්ලට අාපු අමුතු සතා.

1230 Views


පැසිපික් මුහුදේ ඉදන් තංගල්ලට අාපු අමුතු සතා.

මුහුදු කියන්නේ හරිම පුදම තැනක්. වෙලාවකට කිසිම සද්දයක් නැතුව ඉන්නවා. තවත් වෙලාවකට මුහුද තරම් දරුණු කෙනෙක් නෑ. එ් සේරම අස්සේ ලොකු රහස් තොගයක් මුහුදු හංගගෙන ඉන්නවා. අවුරුද්දකට අලුත් මුහුදු ජීවීන් දහස් ගණනක් හොයා ගන්නවා. විද්‍යාඥයින් කියන්නේ තාම මුහුදේ ඉන්න සත්තුන්ගෙන් භාගයක්වත් හොයාගෙන නෑ කියලා.

පහුගිය 21 වෙනිදා තංගල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක්ට අමුතු සතෙක් හම්බෙලා තිබ්බා. අලුත් පොකිරිස්සෝ විශේෂයක් තමයි හොයාගෙන තිබ්බේ. නාරා අායතනය කිව්වේ මේ පොකිරිස්සෝ ඉන්නේ පැසිපික් මුහුදේ කියලා. ලංකාවෙන් හමුවෙලා තියෙන්නේ පළවෙනි වතාවට.

මේ මුහුදු ජීවියා ගැන නාරා අායතනයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා කිව්වේ මේ වගේ දෙයක්. “මේ පොකිරිස්සන් විශේෂය ඉතාම සුවිශේෂී. මේ පොකිරිස්සන්ගේ ස්පර්ශක ඉතාම කෙටියි. එ් වගේම පැහැය තනි වර්ණයක් දකින්න ලැබෙනවා. තැඹිලි පැහැති වර්ණයක් දක්වනවා. මේ පොකිරිස්සන්ගේ ඉස්සරහා කකුල් ඉතාම විශාලයි. දේහයේ උඩුකබල ගත්තාම ඕවාලාකාර හැඩයක් ගන්නවා. වලිගයට සාපේක්ෂව එ් කොටස විශාලයි.”

මේ වගේ තවත් අපූරු සත්තු මුහුදේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි මිනිස්සු මුහුද විනාශ කරන විදියට අපිටත් හොරෙන් එ් සත්තු ලෝකයෙන් තුරන් වෙයි.

 


News Articles
Latest Videos
Most Popular Post