News Line| Off Air
Generic placeholder image

Jan
24

බංගලාදේශ පන්දු යවන්නෝ ලංකාව උස්සයි.

1005 Views


බංගලාදේශ පන්දු යවන්නෝ ලංකාව උස්සයි.

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්න ඊයේ බංගලාදේශය සහ සිම්බාබ්වේ පිල සටන් වැදුණා. ලංකාවේ බලාපොරොත්තු වැඩි කරන්න බංගලාදේශ පන්දු යවන්නන් සමත්වුණා. කාසියේ වාසිය දිනුව බංගලාදේශ නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා

හැබැයි කලින් තරඟවල වගේ ලේසියෙන් ලකුණු රැස් කරන්න බංගලි පිතිකරුවන්ට පුළුවන් වුණේ නෑ තමීම් ඉක්බාල් ලකුණු 76 යි. එ් 4 පහර 6 ක් සමඟ. ෂකීබ් අල් හසන් ලකුණු 56 ක් ලබා ගත්තා. අනෙක් කිසිම බංගලාදේශ පිතිකරුවෙන්ට ලකුණු 20 සීමාවට එන්න බැරිවුණා.

පන්දු යැවීමේදී ක්‍රීම කඩුලු 4 ක් දවා ගත්තා. ජාවිස් කඩුලු 3 යි. පන්දුවාර 50 අවසන් වෙද්දී බංගලාදේශයට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 216 ක් විතරයි. එ් කඩුලු 9 ක්ම බිඳ වැටිලා.

පහසු ඉලක්කයක් ලැබුණත් සිම්බාබ්වේ පිලට ඉලක්කය සපුරා ගන්න පුළුවන් වුණේ නෑ. සිම්බාබ්වේ පිලේ මුල් කඩුලු 6 ලකුණු 68 කට බිඳවැටුණා. සිකන්දර් රාසා ලකුණු 39 යි. ක්‍රීමර් ලකුණු 23 ක් ලබා ගත්තා. අනෙක් කිසිම ක්‍රීඩකයෙක්ට සාර්ථක වෙන්න බංගලි පන්දු යවන්නන්ගේ දඩයමෙන් ගැලවෙන්න බැරිවුණා.

පන්දුවාර 36 යි පන්දු 3 ක් වෙද්දී සිම්බාබ්වේ ඉනිම අවසන් වුණා. එ් වෙද්දි ඔවුන් ලබා ගෙන තිබ්බේ ලකුණු 125 ක විතරයි. පිත්තෙන් වගේම පන්දුවෙනුත් වැඩ පෙන්නපු ෂකීබ් කඩුලු 3 ක් දවා ගත්තා. මොටාසා , සුන්සුමාල් සහ රහමන් කඩුලු 2 බැගින් ලබා ගත්තා. ලකුණු 91 ක විශිෂ්ඨ ජයක් බංගලාදේශයට ලැබුණා.

තරඟයේ වීරයා ෂකීබ් අල් හසන්. බංගලාදේශය මේ වෙද්දී සහභාගී වුන සියලුම තරඟ දිනලා අපරාජිතව ඉන්නවා. හෙට ලංකාව සහ බංගලාදේශය අතර තීරණාත්මක තරඟය පැවැත්වෙනවා. ලංකාව තරඟාවලියේ ඉස්සරහට යනවාද නැද්ද කියලා හෙට තරඟයෙන් තීරණය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post