News Line| Off Air
Generic placeholder image

Jan
24

රියදුරන් නැති නිසා දුම්රිය නවතී.

428 Views


රියදුරන් නැති නිසා දුම්රිය නවතී.

ලංකාවේ දුම්රිය වේලාවට අාවේ නැති වුනාට වෙලාවට වැඩවර්ජන නම් කරනවා. ඊයේ රෑ ඉදන් අායෙත් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක් පටන් ගත්තා.

එ් නිසා අද උදේ දුම්රිය ගමන් වාර කිහිපයක්ම අවලංගු කරන්නත් සිද්ධ වුණා. කාර්යාල දුම්රිය සහ සිඝගාමී දුම්රිය ගමන් වාර 03 ක් අවලංගු කරලා තියෙනවා. හලාවත ඉදන් කොළඹ යන දුම්රිය, ගල්කිස්සේ ඉදන් කන්කසන්තුරේ යන දුම්රිය සහ කොළඹින් මඩකලපුව බලා යන දුහ්රිය තමයි මේ විදියට අවලංගු කරේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම මේ වැඩ වර්ජනයට හේතු වුණා කියලා. එ් වගේම චීන බලවේග කට්ටල සහිත දුම්රිය වල තියෙන අනාරක්ෂිත භාවයත් මේ වැඩ වර්ජනයට එක හේතුවක්.

බලධාරීන් අද විසදුමක් නොදුන්නොත් දැඩි තීරණ ගන්නවා කියලා දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියනවා. කොහොම වුනත් මේ වැඩ වර්ජන වලින් පීඩා වෙන්නේ ලොකු ලොක්කෝ නම් නෙවෙයි. අතේ තියෙන සොච්චමෙන් ගමන් බිමන් යන අහිංසක දුප්පත් මිනිස්සු.


News Articles
Latest Videos
Most Popular Post