News Line| Off Air
Generic placeholder image

Jan
25

අලුතින් වාහනයක්, ඉඩමක්, නිවසක් ගැනීමට වඩාත් යෝග්‍ය දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

477 Views


අලුතින් වාහනයක්, ඉඩමක්, නිවසක් ගැනීමට වඩාත් යෝග්‍ය දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 ජනවාරි මස 25 වනදා

රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.51 සිට 03.20 දක්වා, රාත්‍රී  සඳහා රාත්‍රී 01.54 සිට අලුයම 03.24 දක්වා

සුභ දිශාව: නැගෙනහිර 

 

 

 

මේෂ ලග්නය

අවංකව, අන් අයට ගෞරවයෙන් හා ආදරයෙන් මෙන්ම යුක්ති සහගතව කටුයතු කරන දිනයක් වන නිසාම අන් අයගේ වැඩි ගෞරවය ලැබෙන දිනයක්. කිසියම් වාදක, ස්ථානයක ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින දිනයක්. කෙසේවුවත් කල්පනාකාරී වීම ඔබට වඩාත් වැදගත් වේවි.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 01

වෘෂභ ලග්නය

සියලුම කළා නිර්මාණයන් වලට ඉතාම සුභ දිනයක්. විශේෂයෙන්ම ගායනය, වාදනය, ගෘහ අලංකරණය, නව නිර්මාණ ආදියේ යෙදෙන්නන්ට ඉතාම සුභ දිනයක්. සෞඛ්‍ය තත්වය පිළිබඳවද සැලකිලිමත් වීම වැදගත්. තීරණ ගැනීමේදී හොදින් සිතා බලා අවංක තීරණ ගැනීමද ඉතාම වැදගත් දිනයක්.

ජය වර්ණය: තැඹිලි පැහැය                            ජය අංකය: 03

මිථුන ලග්නය

මාධ්‍ය කටයුතු වල නිරත වන්නන්ට, නව නිර්මාණ කරන්නන්ට ඉතාම යහපත් දිනයක්. කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. නවකතා හා කෙටිකතා රචනා කරන්නන්ට වෙනදට වඩා ඉතාම සුභයි. ආත්මශක්තිය ඉහල දිනයක් වන නිසාම සියලු කරදර හමුවේ වුවද සාර්ථක වීමේ හැකියාව පවතින දිනයක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 02

 

කටක ලග්නය

යහපත් සිතුවිලි බහුලව ඇතිවන, අන් අයට කරුණාවෙන් සලකන දිනයක්. ඒ නිසාම සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයක්. වැඩි වගකීම් හා තනතුරු ලැබීමට ඉඩ ඇති බැවින් අවංකව තම කටයුතු කරගෙන යන්න. තරමක් එන අය සිටින ස්ථාන වල කල්පනාකාරීව හැසිරීමද වැදගත් වන දිනයක්.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                             ජය අංකය: 01

සිංහ ලග්නය

සියලු සතුරන් කෙරෙහි වෙනදට වඩා වැඩි අවධානයක් දක්වන ඔබ ඔවුන්ට එහෙරිව කටයුතු කරන අතර ඔවුන්ව පරදා තම වැඩ කටයුතු යහපත් අන්දමින් කරගෙන යාමේ හැකියාව ලබන දිනයක්. සාධාරණව, යුක්ති සහගතව කටයුතු කිරීමට කැමති ඔබට වඩාත් යහපත් දිනයක්. තරමක් ඉවසිලිවන්ත වීමද වඩාත් වැදගත්.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 09

කන්‍යා ලග්නය

සමාජ සේවයට කැමති, අන් අය අතර වැඩිපුර ගැවසෙන, අන් අය වෙනුවෙන් පෙනී සිටින දිනයක්. ඔබේ යහපත් ක්‍රියාවන් නිසාම ඔබ අන් අයගේ ආදරය දිනාගනියි. ගංගා හා අමුහුදු ආශ්‍රිතව, ඉදිකිරීම් ස්ථාන ආශ්‍රිතව ගැවසීම සුදුසු  නැත. අන් අය අතර ඔබ වඩාත් සැලකිලිමත් වන මුත් ඊටත් වඩා ඔබ ගැන සැලකිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කොළ යුතු දිනයක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                            ජය අංකය: 08

 

තුලා ලග්නය

අන් අයව හොදින් තේරුම් ගෙන වැඩ කටයුතු වෙනදාටත් වඩා සාර්ථකව කරගැනීමේ හැකියාව පවතින දිනයක්.කතාවෙන් හා ක්‍රියාවෙන් තම වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයක්. නමුත් තව තවත් කල්පනාකාරී වීම වඩාත් වැදගත්. අන් අයව විශ්වාස කර වැඩ කටයුතු කරබ්නවානම් ඒ පිළිබඳවද කිහිප වරක් සිතා බලා කටයුතු කිරීම වඩාත් වැදගත්.

ජය වර්ණය: දම් පැහැය                                            ජය අංකය: 07

 

 

වෘශ්චික ලග්නය

 

ඔබේ සෞඛ්‍ය පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු දිනයක්.  එමෙන්ම තමන්ගේ සතුරන් පිළිබඳව මෙන්ම මිතුරන් කෙරෙහිද සැළකිල්ලෙන් වැඩ කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් සුභයි.

ජය වර්ණය: රතු පැහැය                                       ජය අංකය: 07

 

 

ධනු ලග්නය

පිනට දහමට වෙනදට වඩා නැඹුරු වන ඔබ අන් අයට ආදර්ශමත්ව අද දිනය ගත කරයි. වැඩ කටයුතු වලදී මනා සැලසුමක් සහිත වනවානම් වඩාත් යහපත්. අනවශ්‍ය ගමන් බිමන් නොයන්න. කෙසේවුවත් තමන් නොදන්නා පුද්ගලයින් ඇසුරු කිරීමේදී ප්‍රවේසම් වන්න. කල්පනාකාරීව  හා ඉවසිලිවන්තව නිවැරදි තීරණ මත ක්‍රියා කිරීම මගින් දවස වඩාත් යහපත් වේවි.

ජය වර්ණය: ගුරු පැහැය                                                ජය අංකය: 06

 

 

මකර ලග්නය

ඕනෑම ප්‍රශ්නයක් හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන දිනයක්. ශක්තිය හා ආත්ම ගරුත්වය මෙන්ම ඉවසිලිවන්ත වීම වෙනදාටත් වඩා ඔබට ඔබේ වැඩ කටයුතු වලට උපකාරී වන දිනයක්. අලුතින් වාහනයක්, ඉඩමක්, නිවසක් ගැනීමට වඩාත් යෝග්‍ය දිනයක්. තීරණ ගැනීමේදී ඔබ දක්ෂ වන නමුත් කල්පනාකාරී වන්න.

ජය වර්ණය: නිල් පැහැය                                                ජය අංකය: 04

 

 

කුම්භ ලග්නය

මනා ප්‍රසන්න පෙනුමකින් යුතුව ඔබ වැඩ කටයුතු ආරම්භ කරන දිනයක්. තීරණ ගැනීම හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඔබ වඩාත් දක්ෂ වන දිනයක්. අධ්‍යාත්මිකව ඔබේ වැඩ කටයුතු ඉටුකිරීම වඩාත් වැදගත් වන අතර අවංක වීමට වග බලාගන්න. කල්පනකාරි වන්න. දවස වඩාත් යහපත් වේවි.

ජය වර්ණය: ලා නිල් පැහැය                           ජය අංකය: 03

 

 

මීන ලග්නය

ආගමනුකුලව දිනය ආරම්භ කිරීම  යහපත්. ප්‍රවේසමෙන් තම වැඩ කටයුතු මනාව සැලසුම් සහිතව සිදුකරගත යුතුයි. ආහාර ගැනීම්දී වඩාත් සැලකිලිමත් විය යුතු අතර කලක පටන් ඔබ රෝගීව පෙලෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. ඉවසීමෙන් තීන්දු තීරණ ගැනීමට වග බලාගන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                                ජය අංකය: 02

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ 

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post