News Line| Off Air
Generic placeholder image

Jan
25

කරූ අගමැති කරවන අලුත් අාණ්ඩුවක් ?

801 Views


කරූ අගමැති කරවන අලුත් අාණ්ඩුවක් ?

පහුගිය දවසක එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගේනවා කියලා අාරංචියක් පැතිරුණා. මේ දවස්වල ජනාධිපතිතුමාත් එජාපයට විවේචන එල්ල කරනවාත් වැඩී. එ් අතරේ කරු ජයසූරිය අගමැති කරවන්න හදන සැලැස්මක් ගැන හෙළිවෙලා තියෙනවා.

ජනාධිපතිතුමා එක්ක කරු ජයසූරිය මහතා රහස් සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අාරංචි මාර්ග උපුටා දක්වලා පුවත්පතක් අද වාර්තා කරලා තියෙනවා. එජාපය ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවොත් එ්කට මුහුණ දෙන්න සැලසුමක් මේ විදියට සකස් කරනවා කියල සඳහන් වෙනවා.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයෙක්ගේ මැදිහත් වීමෙන් මේ කටයුතු වෙනවා කියලයි අාරංචි වෙන්නේ. හදිසියේවත් එජාපය දෝෂාභියෝගයක් ගෙනාවොත් කරු ජයසූරිය අගමැති කරලා එජාප මන්ත්‍රීවරු පිරිසක් එකතු කරන් අලුත් අාණ්ඩුවක් හදන්න තමයි සැලැස්ම වෙලා තියෙන්නේ.

Infosrilankanews අැසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post