News Line| Off Air
Generic placeholder image

Jan
25

අවසන් සටනට යන්න ශ්‍රී ලංකාව ගහපු සැලැස්ම මෙන්න.

896 Views


අවසන් සටනට යන්න ශ්‍රී ලංකාව ගහපු සැලැස්ම මෙන්න.

තුන්කොන් සටනේ ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන තරඟය අද පැවැත්වෙනවා. එ් බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර. බංගලාදේශය මේ දක්වා තරඟාවලියේ අපරාජිතව ඉන්නවා. හැබැයි ලංකාව එක තරඟයයි දිනලා තියෙන්නේ.

බංගලාදේශය මේ වෙද්දිත් අවසන් මහා තරඟයට තේරිලා ඉන්නේ. ලකුණු සටහනේ ලංකාව ඉන්නේ දෙවෙනි තැන. හැබැයි ලංකාවට තව දුරටත් දෙවෙනි තැන රැක ගන්න නම් මේ තරඟයේ ලොකු වෙහෙසක් දරන්න ඕන. එක්කෝ ලංකාව මේ තරඟය ජයග්‍රහණය කරන්න ඕන. එහෙම නැත්තම් සුළු පරතරයකින් තරඟයේ තීරණය ලබා ගන්න ඕන. හැබැයි අද තරඟය ජයග්‍රහණය කලොත් ලංකාවට නම්බු පිට අවසන් මහා තරඟයට යන්න පුළුවන්.

තුන්කොන් තරඟාවලියේ මුළින්ම පන්දුවට පහර දුන් කණ්ඩායමට තමයි වැඩි වාසි තිබුණේ. එ් නිසා අද තරඟයේ ලංකාව මුලින්ම පන්දුවට පහර දීම වඩාත්ම සුදුසුයි. හැබැයි ඉතිං එ්කට කාසියේ වාසිය අනිවාර්යෙන්ම දිනා ගන්න ඕන. මොකද තරඟාවලිය පුරාම බංගලියන්ගේ සැලැස්ම වුනෙත් මුලින් පන්දුවට පහර දීලා දෙවෙනියට පන්දු යවන එක. විශේෂයෙන්ම බංගලි දඟ පන්දු යවන්නන්ට හවසට පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරන්න පුළුවන්.

ලංකාවට අද තරඟයට යන්න වෙන්නේ ලොකු පාඩුවක් එක්ක. එ් තමයි කුසල් ජනිත් නැතුව ක්‍රීඩා කරන්න සිදු වීම. තරඟාවලිය පුරා කුසල් කණ්ඩායමට හොඳ අාරම්භයක් ලබා දුන්නා. ගොඩක් වෙලාවට අද තරංග සහ දික්වැල්ල ලංකාවේ ඉනිම අාරම්භ කරාවි. මැදපෙළ ක්‍රීඩා කරලා අසාර්ථක වුන දික්වැල්ලට වැඩ පෙන්නන්න අද හොද අවස්ථාවක් ලැබෙනවා. කුසල් ජනිත් වෙනුවට ධනංජය ද සිල්වා කණඩායමට කැදවන්න තියෙන ඉඩකඩ වැඩී. හැබැයි ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එක් කරන්නත් අවස්ථාවක් තියෙනවා.

ලංකාවේ පන්දු යවන්නන්ගේ වෙනසක් අද වෙන්නේ නෑ. හැබැයි පන්දු යවන්නන් තමීම් ඉක්බාල්ගෙන් සහ සකීබ් අල් හසන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕන. ඔවුන් දෙදෙනා අඩු ලකුණුවලට දවා ගන්න එක ලංකාවට ලොකු වාසියක්.

තරඟය පටන් ගන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. අද ලංකාවේ ග්‍රහචාරය මොනවගේ වෙයිද කියාල බලන්න වෙන්නේ තරඟය පටන් ගත්තාම තමයි.


News Articles
Latest Videos
Most Popular Post