ලංකාවේ ඉරණම තීරණය කරන තීරණාත්මක තරඟය බංගලාදේශය එක්ක පැවැත්වෙනවා. ඩකා පිටියේ පැවැත්වෙන තරඟයේ වාසිය ලංකාවට හරවා ගන්න ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත් වුණා. කාසියේ වාසියේ දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.
සුපිරි පන්දු යැවීමක නිරත වුණ සුරංග ලක්මාල් බංගලි අාරම්භ පන්දු යවන්නන් දණ ගැස්සුවා. තමීම් ඉක්බාල් ලකුණු 5 කට දැවී ගියා. එනමුල්ට ලකුණු ලබා ගන්න ලක්මාල් ඉඩ දුන්නේ නෑ. ඔහු ලකුණු නොලබාම ප්‍රේක්ෂකාගාරයට ගියා. මහමදුල්ලා ලකුණු 7 යි.
ලක්මාල්ගෙන් පස්සේ ක්‍රියාත්මක වුණ තිසර සහ චමීර බංගලාදේශ මැද පෙළ විනාශ කරා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 26 යි. රහමාන් ලක්‍රණ්‍ර 10 කට දැවී ගියා අනික් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට එන්න බැරි වුණා.
ලංකාවේ පන්දු යවපු සියලුම පන්දු යවන්නන් කඩුලු ලබා ගැනීම කැපී පෙනුනා. සුපිරි පන්දු යැවීමක නිරතවුණ සුරංග ලක්මාල් කඩුලු 3 යි. චමීර, තිසර සහ සඳකැන් කඩුලු 2 බැගින් දවා ගත්තා. පන්දු වාර 24 ක් වෙද්දී බංගලි ඉනිම අවසන් කරන්න ලංකාවට පුළුවන් වුණා.
සියලු දෙනාම දැවී බංගලාදේශයට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 82 ක් විතරයි. ලංකාවට පහසු ඉලක්කයක් ලැබිලා තියෙන්නේ. මෙච්චර දවසක් තරඟාවලියේ සෙල්ලං දාපු බංගලි ක්‍රීඩකයන්ව මට්ටු කරන්න ලංකාවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.