අනාගතයේ වෙන්නේ මොනවද කියලා දැන ගන්න නම් එක්කෝ කේන්දරේ බලාන්න ඕන. එහෙම නැත්තම් සාස්තරයක් අහන්න ඕන. හැබැයි ඔය දෙකටම අහු වෙන්නේ නැති ලෝකෙම අවධානය යොමු වෙන සිදු වීම් තියෙනවා. මේ කියන්න යන්නේ 2018 ලෝකයේ වෙන්නේ මොනවාද කියලා.
ජනවාරි
* ඩොනල් ට්‍රම්ප් අැමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ලෙස පත්ව පළමු වසර සැමරීම.
* බල්ගේරියාව යුරෝපා සංගමයේ සභාපතිත්වයට පත්වීම. මෙය වැටයිමේ ක්‍රමයට සිදුවේ.
* වාර්ශික ලෝක අාර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ලෝක නායකයෝ ස්විස් අැල්ප්ස්හි පිහිටි ඩාවෝස් නුවරට රැස්වීම.
පෙබරවාරී
* දකුණු කොරියාවේදී ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීම. ඔලිම්පික් කමිටුව රුසියාවේ සහභාගීත්වය තහනම් කිරීම සහ උතුරු කොරියානු සහභාගී වීම කැපී පෙනෙයි.
* චීනය සුනඛයාගේ වසර සමරයි. ලෙනින් සහ තෙරේසා මව්තුමිය සුනඛයාගේ වසරේදී උපත ලබා අැත.
* 86 හැවිරිදි කියුබා ජනපති රාවුල් කැස්ත්‍රෝ ඉවත්වීමත් සමඟ එරට නව යුගයක් අරඹයි.
මාර්තු
* මේරී ෂෙලීගේ ෆ්‍රැන්ක්ස්ටයින් නවකතාව රචනා කර වසර 200 ක් සපිරෙයි. අමනුෂ්‍යයෙකු පාදක කරගත් මෙය එතෙක් මෙතෙක් ලොව වඩාත් ජනප්‍රියත්වයට පත්වුණ අත්භූත කතාවක්.
* නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඉතාලි මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.
* රුසියානු ජනාධිපතිනරයා දෙවැනි වරටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නියමිතයි. 1999 ඉදන් අගමැති හෝ ජනාධිපතිවරයා විදියට රුසියාව පාලනය කරනවා.
අප්‍රේල්
* ලෝකයේ පැරණිතම ස්වාධීන ගුවන් හමුදාව වන බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාව සිය ශත සංවත්සරය සමරයි.* අැමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අාචාර්ය මාර්ටින් ලූතර් කිං ඝාතනය කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම.
* ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම.
* අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය තවත් පරීක්ෂා කිරීමේ අරමුණින්, නාසා අායතනය InSight ලෑන්ඩර් යානය දියත් කිරීමට නියමිතයි.
* බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන් අැමරිකානු නිළි මේඝන් මාර්කල් හා විවාහවීම බ්‍රිතාන්‍යයේ වින්ඩ්ස්ර් මන්දිරයේදී සිදුවීමට නියමිතයි.
* කාල් මාර්ක්ස්ගේ දෙවෙනි ශත සංවත්සරය සැමරීම සඳහා ලොවපුරා කොමියුනිස්ට් වාදීන් එකට රැස්වීම සිදුවෙයි.
ජුනි
* කැනඩාවේ කියුබෙක් නුවරදී G7 සමුළුව පැවැත්වීම.
* බර්ලින් නුවර පිරිසක් ගුවනින් ඉවත් කිරීමේ 70 වෙනි සංවත්සර සැමරුම.
* පාපන්නු ලෝක කුසලානයට ලෝකයේ පාපන්දු තරු රැසක් රුසියාවට පැමිණීම.
ජූලි
* මෙක්සිකෝ ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙයි.
* ලෝකයේ ප්‍රධාන අාර්ථිකයන්ගෙන් සමන්විත G20 සමුළුවේ සභාපතිත්වයට පත්වෙන පළවෙන දකුණු අැමරිකානු රට විදියට අාර්ජන්ටිනාව පත්වෙයි.
* 2018 අවසන් අර්ධ සූර්යග්‍රහණය දර්ශනය වීම.
* ඉන්දුනීසියාවේ ජකර්තා සහ පලෙම්බාන්ස් තගර වල අාසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.
* උතුරු කොරියාව 70 වැනි සංවත්සරය සමරයි. සිය අාරක්ෂක හැකියා විදහා දක්වන නව සංදර්ශනයක් සඳහා එරට නායකයා ජාත්‍යන්තරයට අාරාධනා කර තිබේ.
* අවුරුදු 2 කට සැරයක් පවත්වන රයිඩර් කුසලාන ගොල්ෆ් තරඟාවලිය ප්‍රංශයේදී පැවැත්වීම.
ඔක්තෝම්බර්
* ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය බැංකුවේ වාර්ෂික හමුව ඉන්දුනීසියාවේ බාලිහිදී පැවැත්වීමට නියමිතයි
* බ්‍රිතාන්‍ය සහ ජපානය එක්ව බුද ග්‍රහයා වෙත සිදුකරන BepiColombo මෙහෙයුම අාරම්භ වීමට නියමිතයි.
* එක්සත් ජනපදයේ මැදිවාර ජනපතිවරණය පැවැත්වෙයි.
* අාසියා පැසිපික් අාර්ථික සහයෝගිතා සමුළුව පැපුවා නව ගිනියාවේදී පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර්
* බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉදිකෙරෙන නවීනතම තාක්ෂණයෙන් යුතු ක්‍රොස්රේල් දුම්රිය සේවය අාරම්භ කිරීම. මෙය ඉංජිනේරු ව්‍යාපෘති අතැ ජයග්‍රහණයකි.