බස්රථ කියන්නේ ලංකාවේ මගී ප්‍රවාහනේ ප්‍රධානම අංගයක්. රටේ වටේම තියෙන බස්වල අලුත්ම Trend එක තමයි ස්ටිකර් ගහලා, සවුන්ඩ් දාලා තොරණ වගේ හදන එක.
“දම් රැජිණි” කියන්නේ එ් වගේ හදපු සුපිරි බස් එකක්. “දම් රැජිණි” බස් එකේ ශීතකරණ, නොමිලේ WiFi, Phone Chrage වගේ අති සුපිරි පහසුකම් තියෙනවා. වලස්මුල්ල – කොළඹ දුවපු “දම් රැජිණි” ට සමාජ මාධ්‍ය ජාල වල ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. හැබැයි පහුගිය සවසක “දම් රැජිණි” ව අත්අඩංගුවට ගත්තා. එ් බස්රථයට එක් කරලා තිබ්බ විශේෂාංග නිසා බස් රථය අනාරක්ෂිතයි කියලා.
අත්අඩංගුවට ගත්ත දම් රැජිණිව අධිකරණයට ඉදිරිපත් කරා. අධිකරණය නියෝග කරේ වහාම බස් රථයට සවි කරපු විශේෂාංග ගලවන්න කියලා. දම් රැජිණිගේ “ඉදිරිපස සහ පිටුපස ස්ටිකර්, ටින්ටඩ්, කණ්ණාඩි අාම්, අැතුලත සහ පිටත ලයිට්, ප්ලග් පොයින්ට්, ශීතකරණ, ටීවී සහ වෝටර් ඩිස්පෙන්සර්” ගලවන්න වෙනවා. මාස 02 ක් අැතුලත මේවා ගලවලා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන.
දම් රැජිණි බස් රථය හරියට පාරේ ගමන් කරපු තොරණක් වගේ. හැබැයි ඉතිං මේ ගැජට් කෑලි ටික ගැලෙව්වාට පස්සේ දම් රැජිණි තටු ගලවපු මොණරෙක් වගේ ඉදීවී.