ලෝකයේ සිදුවන දරුණුම ස්වභාවික විපතක් තමයි ගිනිකඳු පිපිරීම්. හැබැයි වාසනාවට වගේ ගිනිකඳු පුපුරන්න කලින් දැන ගන්න පුළුවන්. එ් නිසා ගිනිකඳු පිපිරීම් වලින් සිද්ධ වෙන ජීවිත හානිය අඩුයි.
ලෝකයේ විශාලම ගිනි කඳු වළල්ල තමයි පැසිපික් ගිනි වළල්ල. දකුණු අැමරිකාවේ පහළම තැන ඉදලා නවසීලන්තය දක්වා මේ ගිනි වළල්ල විහිදෙනවා. හරියටම කිලෝමීටර් 40,000 ක් විතර දිගයි. පහුගිය දවස් කිහිපයේ එ් කලාපයේ ගිනි කඳු පිපිරීම් සහ භූමි කම්පා රැසක් සිද්ධ වුණා. එ් පැසිපික් ගිනිවළල් සක්‍රීය වුණ නිසා කියලයි එක්සත් ජාතීන්ගේඅාපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය පවසන්නේ.
මේ නිසා පැසිපික් කලාපයට ලොකු අවධානමක් අැති වෙලා තියෙනවා. ඉස්සරහට මීට වඩා දරුණු භූමිකම්පා රැසක්ම වෙන්න පුළුවන් කියලයි විශේෂඥයින් කියන්නේ. පැසිපික් ගිනි වළල්ලේ ගිනි කඳු 452 ක් තියෙනවා. මේ ගිනි කඳු සහ භූමිකම්පා නිසා මිනිසුන් ලක්ෂ ගණනින් අාරක්ෂිත ස්ථාන වලට යවන්න සිද්ධ වෙලා. ඉස්සරහට ලෝකයට ලොකු ස්වභාවික අපදා වැලක්ම එවී කියලයි බොහෝ දෙනා කියන්නේ.