News Line| Off Air
Generic placeholder image

Jan
26

තමන්ගේ තුන්ඉරියව් දස්කම් හොයපු අයට පේන්න තිසර තියන්න යන වාර්තාව මෙන්න.

964 Views


තමන්ගේ තුන්ඉරියව් දස්කම් හොයපු අයට පේන්න තිසර තියන්න යන වාර්තාව මෙන්න.

තිසර පෙරේරා කියන්නේ ලංකාව බිහිකරපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්නත් ඔහුට පුළුවන් වුණා. හැබැයි පහුගිය කාලයේ තිසර දක්ෂතා අතර හිටියේ නෑ.

එ් වුනත් මේ දවස්වල තියෙන බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනේ කැපී පෙනෙනම ක්‍රීඩකයා වෙන්න තිසරට පුළුවන් වුණා. එ් තරඟාවලිය පුරාම පිත්තෙන් වගේම පන්දුවෙනුත් දස්කම් දක්වලා. තුන්කොන් සටනේ ලංකාවේ වැඩිම ලකුණු ලාභියා තිසර ඔහු ලකුණු 132 ක් ලබා ගත්තා. තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වුන තිසර කඩුලු 11 ක් දවා ගෙන තියෙනවා. 172 ක පන්දුවට පහර දීමේ වේගයක් පවත්වාගෙන තරඟාවලියේ වේගයෙන්ම ලකුණු රැස් කරපු ක්‍රීඩා විදියටක් ඉදිරියෙන් ඉන්නවා.

හෙට තියෙන අවසන් මහා තරඟයේදී තිසර තවත් වාර්ථාවක් පිහිටුවන්න සූදානමින් ඉන්නවා. එ් එක්දින තරඟ වලදී ලකුණු 1500 ක් සහ කඩුලු 150 ක් ලබා ගත් 4 වෙනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වෙන්න.

මීට කලින් එ් වාර්තාවට හිමිකම් කිව්වේ සනත් ජයසූරිය, චමින්ද වාස් සහ උපුල් චන්දන විතරයි. තිසර මේ වෙද්දී එක්දින තරඟවල ලකුණු 1584 ක් ලබාගෙන ඉන්නවා. එක්දින කඩුලු 149 යි. තව එක කඩුල්ලක් ලබා ගත්තහම තිසර ඉදිරියේ මේ වාර්තාව ලියවෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post