අද ලග්න 03 කට සතුරු කරදර ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
508 Views
අද ජනවාරි මස 27 වනදා
රාහු කාලය උදෑසන 09.29 සිට උදෑසන 10.59 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.20 සිට 10.52 දක්වා
මේෂ ලග්නය

කාර්යබහුල දිනයක් වන අතර ආදායමට සුභයි. නව රැකියා අපේක්ෂකයින්ට සුභ දිනයක් වන අතර අන් අයගෙන් බොහෝ උදව් ලැබෙන දිනයකි. අලුතින් වැඩක් ආරම්භ කිරීමට වගේම රැකියාවේ වෙනසක් ඇතිවිය හැකි දිනයක්. මංගල යෝග ඇතිවීමේ ඉඩකඩ ඇත. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 04
වෘෂභ ලග්නය

ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. රැකියා කටයුතු වලය බාධා ගෙන දෙන, සතුරු කරදර වැඩි වන දිනයකි. පවුලේ අය වෙනුවෙන් හා මිතුරන් වෙනුවෙන් වැඩියෙන් මහන්සි වීමට සිදුවන දිනයකි. අනිසි ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ ඇති බැවින් ඉවසීමෙන් මෙන්ම කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලාගන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 01
මිථුන ලග්නය

විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඉතාම සුභ දිනයක් වන අතර ගමන් බිමන්ද වැඩි වන දිනයක්. අද දින ආරම්භයේ පටන් සුවපහසුව දිනය ගතකිරීමට ඔබට භාග්‍ය ලැබේ. නැවතිලා තිබු වැඩක්, අත්පසු වූ වැඩක් නැවත විශ්වාසයෙන් ආරම්භ කිරීමට සුභ දිනයකි. මංගල යෝග ඇතිවන සුභ දිනයකි. කෙසේවෙතත් අන් අය සමඟ කරන ගනුදෙනු වලදී වඩාත් ප්‍රවේසම් වීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 08
කටක ලග්නය

නව අදහස් පහල වන දිනයකි. සැගවුණු දේ සොයා බැලීමට වැඩි කැමැත්තක් දක්වයි. නව රැකියා ලාභ හා අමතර ආදායම් මාර්ග ඇතිකරගැනීමට ඉතාම සුභ දිනකි. නමුත් මුදල් ගනුදෙනු වලදී හා මුදල් තැන්පත් කිරීමේදී ප්‍රවේසම් වන්න. අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 03
සිංහ ලග්නය

ආගන්තුකයින් හමුවන දිනයක් වන අතර මනා පෞරුෂයකින් යුතුව මෙන්ම නායකත්ව ගතිලක්ෂණ වලින් යුතුව ආගමනුකුලව අද දිනය ඔබ ආරම්භ කරයි. අන් අය අතර ඔබ වැඩි ආදරයක් දිනාගනියි. රැකියාවේ වෙනසක් හා උසස්වීම් බලාපොරොත්තු විය හැකි දිනයකි. රන් රිදී මුතු මැණික් ව්‍යාපාර වල යෙදෙන අයට ඉතාම සුභ දිනයකි.
කන්‍යා ලග්නය

දේශපාලන කටයුතු වල නිරත වන්නන්ට ඉතාම සුභ දිනකි. වෙළඳාමට, ව්‍යාපාර වලට දක්ෂ වන ඔබට ඉතාම වැදගත් වන දිනයක්. එබැවින් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. අවිවාහක යට සුභ මංගල යෝග උදා වෙයි.. තරමක් කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත වීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

ආගමානුකුලව හා ප්‍රබෝදයකින් යුතුව දිනය ආරම්භ කරන්න. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ව්‍යාපාර හා රැකියා කටයුතු වල නව වෙනස්කම් ඇතිවිය හැකි දිනයකි. නිවසේ අලුත්වැඩියා හා උත්සව මෙන්ම දු දරුවන් වෙනුවෙන් වැඩියෙන් සොයාබලන දිනයකි. සෞඛ්‍ය පිළිබඳවද සැළකිලිමත් වෙන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 04
වෘශ්චික ලග්නය

කලාවට ලැදි වන දිනයකි. සතුරු කරදර අවම වන නව මිතුරන් එක්වන දිනයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හා කෘෂිකර්මාන්තයට ඉතාම සුභ දිනයකි. මැණික් ව්‍යාපාරිකයින්ටද ඉතාම සුභ දිනයකි. ඔබේ තරහව වෙනදට වඩා පාලනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03
ධනු ලග්නය

පාලන ශක්තිය හා නායකත්ව ගුණාංග වඩාත් හොදින් ඔබට අද දින ඔබේ වැඩ කටයුතු වලට උපකාරී වෙයි. ඉක්මන් තීරණ ගැනීම හා කෝපය පාලනය කරගත යුතුය. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. තනතුරු හා නම්බු නාම නොමදව ලැබෙන ප්‍රධානීන්ගේ පැසසුම් ලැබෙන සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: කහ පැහැය පැහැය ජය අංකය: 05
මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් මෙන්ම අනවශ්‍ය දේ මිලදී ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. සතුරු පීඩා හා අසල්වැසියන් අතර මතගැටුම් ඇතිවන දිනයකි. රැකියා කටයුතු වෙනුවෙන් වඩාත් මහන්සි වීමට සිදුවන දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත් වන අතර අනවශ්‍ය කරදර ඇතිවීමේ ඉඩකඩ පවතින දිනයකි. කල්පනාකාරී වන්න
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 07
කුම්භ ලග්නය

මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. සතුටින් දිනය ගත කරයි. ඉඩමක් ගැනීමට හා නිවසක් තැනීමට ආරම්භ කිරීමට ඉතාම යහපත් දිනයකි. අන් අය වෙනුවෙන් ඔබ පෙනී සිටින අතර අන් අයට ඉතාම කැමැත්තෙන් ඔබ උදව් ලබාදෙන දිනයකි. අන් අයගෙන්ද නොමදව ඔබට උදව් ලැබෙන දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 01
මීන ලග්නය

නව සිතුවිලි ඇතිවන දිනයක් වන අතර කීර්ති ප්‍රශංසා හා සමාජයේ ඉලිගනීම නොමදව ලැබෙන දිනයකි. තම පවුලට වෙනදට වඩා ලං වන සුභ දිනයකි. ඔබේ සතුරු පීඩා දුරුවන, හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි. අන් අයගේ ආදරයද ඔබට නොමදව ලැබෙයි. ජීවිතයේ, පවුලේ, පෙම් සම්බන්ධතා වල නව වෙනසක් ඇතිවන දිනයකි. රෝගාබාධ වලින් සැනසීම ලැබෙන දිනයකි. නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමද වැදගත්.
ජය වර්ණය: සුදු පැහැය පැහැය ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර
දුරකථන:0777 44 86 44