News Line| Off Air
Generic placeholder image

Jan
27

ශ්‍රී ලංකා ක්‍රිකට් යළි උපදියි. හතුරු ප්‍රමුඛ සිංහයන් කප් එක උස්සයි.

1648 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් යළි උපදියි. හතුරු ප්‍රමුඛ සිංහයන් කප් එක උස්සයි.

පරාජයේ වැලිකතරෙන් එගොඩ වෙලා ජයග්‍රහණයේ මාවතට එන්න සිංහයන්ට අායෙත් පුළුවන් වුණා. ගෙවුණු දුෂ්කර කාලය නිමා කරමින් නැවතත් සුපුරුදු සිංහ දඩයම අද දින අාරම්භ කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. එ් තුන්කොන් සටනේ බංගලාදේශය එක්ක තිබ්බ අවසන් මහා තරඟය අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරලා. ශ්‍රී ලංකාව තරඟාවලියක් ජයග්‍රහණය කරේ මාස 13 කට පස්සේ. එ් වගේම පරාජිත තරඟාවලි 7 කට පස්සේ.

ඩකා පිටියේ පැවැත්වුණ තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ ලංකාව. චන්දිමාල් මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. ලංකාවේ මුල්පෙළ පිතිකරුවන් ශක්තිමත් ඉනිමකට අඩිතාලම දැම්මා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 28 යි. එ් 4 පහර 2 ක් සහ දැවැන්ත 6 පහර 3 ක් එක්ක. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරපු තරංග ලකුණු 56 යි. දික්වැල්ල ලකුණු 42 යි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල චන්දිමාල් ලකුණු 45 යි.

ශ්‍රී ලංකා ඉනිම වැනසුව රුබෙල් කඩුලු 4 යි. මුස්ටාෆිසූර් කඩුලු 2 යි. පන්දුවාර 50 අවසන් වෙද්දී සියලු දෙනාම දැවී ලංකාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 221 යි.

ලකුණු 222 ක ඉලක්කයක් හඹා ගිය බංගලි ක්‍රීඩකයන් අසරණ කරන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. රහීම් ලකුණු 22 යි. බංගලාදේශය ජයග්‍රහණය වෙත ගෙන යන්න ලොකු උත්සහයක් දරපු මහමදුල්ලා ලකූණු 76 යි. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 3 ක් අැතුලත් වුණා. වෙන කිසිම බංගලාදේශ පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පහුකරන්න බැරිවුණා. අද තරඟයෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්ත මදුෂන්කගේ සුපිරි කඩුලු ත්‍රිත්වයෙන් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟය ජය ගත්තා. චමීර සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරඟයේ වීරයා උපුල් තරංග. තරඟාවලිය පුරා ලකුණු 135 ක් සහ කඩුලු 11 ක් ලබා ගත්ත තිසර තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාත් ඔහු. තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බංගලාදේශයේ තමීම් ඉක්බාල්. නිදාගෙන හිටිය සිංහයා යළිත් අවදි වෙලා ඉන්නේ. දැන් ඉතිං අායෙත් ශ්‍රී ලංකා පිලට වසන්තය උදා වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post