News Line| Off Air
Generic placeholder image

Jan
27

ඉතිහාසයේ පළවෙනි වතාවට ක්ලෝනකරණය කළ වඳුරන් දෙන්නෙක් චීනයෙන්. (PHOTO / VIDEO)

1538 Views


ඉතිහාසයේ පළවෙනි වතාවට ක්ලෝනකරණය කළ වඳුරන් දෙන්නෙක් චීනයෙන්. (PHOTO / VIDEO)

ක්ලෝනකරණය කිරීම කියන දේ මේ වෙද්දී ලෝකයේ ලොකු කතාබහකට ලක්වුණා මාතෘකාවක් වෙලා තියෙනවා. ඔබ භාවිතයට ගන්න සමහර කෑම වර්ගත් මේ වෙද්දී ක්ලෝනකරණ තාක්ෂණය හරහා හැදපු ඒවා. ඒ වගේම සත්තු ක්ලෝනකරණ කිරීම ගැනත් අපට වාර්තාවෙලා තියෙනවා. ඉතින් ක්ලෝනකරණ තාක්ෂණයෙන් අද වෙද්දී බිහි කරපු අලුත්ම සතුන් දෙන්නෙක් ගැන අලුත්ම වාර්තාවක් අපිට ලැබුනා.

1996 දී ඩොලී කියන බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගගෙන ඉතිහාසයේ පළවෙනි වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව වෙලා තියෙනවා.

මේ වඳුරෝ දෙන්නා එකිනෙකාට සෑම අතින්ම සර්වසම ලක්ෂණ පෙන්වනවා. සොන් සොන් සහ හුවා හුවා යන නම් වලින් තමයි මේ දෙන්නව හඳුන්වන්නේ. මීට සති කිහිපයකට කලින් චීනයේ විද්‍යාගාරයක තමයි මේ දෙන්නා ඉපදිලා තියෙන්නේ.

මිනිසුන්ට වැළඳෙන රෝග වලට ප්‍රතිකාර කරන්න ජානමය අතින් සර්වසම මේ විදිහේ වානර ගහනයන් යොදාගන්න පුළුවන් කියලයි විද්‍යාඥයෝ කියන්නේ. ජානමය පදනමක් තියෙන පිලිකා, පරිවෘත්තීය රෝග සහ ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් මේ විදිහට ක්ලොනකරණයට ලක්කළ වඳුරන් යොදාගෙන අධ්‍යයන කරන්න පුළුවන්.

එත් මේ ගැන ඇහැ ගොඩක් දෙනෙක් කියන්නේ මේකේ අවසාන ප්‍රතිඵලය විවාදයට තුඩුදීල තියෙන `මනුෂ්‍ය ක්ලෝනකරණය’ වෙන්න පුළුවන් කියලයි.

කොහොම වුනත් චීන විද්‍යාඥයින් කියන්නේ ඉදිරි මාස කිහිපයදී මේ විදිහට ක්ලෝනකරණය කළ තවත් වඳුරන් බිහිකිරීමට සූදානම් කරල තියෙනවා කියලයි.

 

 


News Articles
Latest Videos
Most Popular Post