News Line| Off Air
Generic placeholder image

Jan
28

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

407 Views


අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද ජනවාරි මස 28  වනදා
රාහු කාලය දිවා කාලය සඳහා අලුයම 04.59 සිට උදෑසන 06.29 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.57 සිට 06.29 දක්වා  
සුභ දිශාව දකුණ
මරු සිටින දිශාව උතුර

 

 

මේෂ ලග්නය

ලැබීම් වලට හා ආදායමට සුභයි. දුරදක්නා නුවනින් යුතුව කටයුතු කලයුතු දිනයකි. උසස් පුද්ගලයන් සමඟ මෙන්ම ආයතනික කටයුතු වඩාත් කල්පනාකාරීව කලයුතු දිනයකි. පවුල තුල ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ස්නායු සම්බන්ධ රෝග වලට හා ලේ රෝග වලට වහාම ප්‍රතිකාර ගන්න. මංගල යෝග ඇතිවීමේ ඉඩකඩ ඇත. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය:  රතු පැහැය                                             ජය අංකය: 09

වෘෂභ ලග්නය

ඉවසීමෙන් හා ලද දෙයින් සතුටුව ක්‍රියා කිරීමට පියවර ගන්න. නොසිතු ලාභ ලැබෙන අන් අයගෙන් උදව් ලැබෙන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. නව ඉගෙනීම් කර යොමුවීමට ඉතාම සුභ දිනයකි. කල්පනාකාරීව හා ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                   ජය අංකය: 06

මිථුන ලග්නය

යම් යම් බලාපොරොත්තු ඉටුවන දිනයක් වන නමුත් සතුරන්ගෙන් හානි වීමේ වැඩ ඉඩකඩ පවතියි. වචන භාවිතයේදී ප්‍රවේසම් වන්න. ආයතන ප්‍රධානින් දම්න්ග ඉවසීමෙන් කටයුතු කරන්න. කෙසේවෙතත් අන් අය සමඟ කරන ගනුදෙනු වලදී වඩාත් ප්‍රවේසම් වීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                             ජය අංකය: 05

කටක ලග්නය

තීරණ ගනීම්දී සැළකිලිමත් විය යුතු දිනයකි. ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයකි.  නව රැකියා ලාභ හා අමතර ආදායම් මාර්ග ඇතිකරගැනීමට ඉතාම සුභ දිනකි. නකාර්මික, නව නිපැයුම් ආශ්‍රිත කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි.
ජය වර්ණය: රතු පැහැය                                       ජය අංකය: 09

සිංහ ලග්නය

හදිසි ධන ලාභ ලැබෙන, ව්‍යාපාර සාර්ථක වන දිනයකි. ආරක්ෂක අංශයේ හා වෛද්‍ය අංශයේ නිරත වන්නන්ට ඉතාම සුභ දිනයකි. ආමාශගත රෝග හා කකුල් සම්බන්ධව රෝග තිබෙන අතය වහාම නිසි ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු දිනයකි.  ආගමනුකුලව අද දිනය ඔබ ආරම්භ කරයි.

ජය වර්ණය: නිල් පැහැය                                       ජය අංකය: 08

කන්‍යා ලග්නය

මානසිකව ඉතාම හොඳ තත්වයකින් දිනය ගත කරයි. පිරිස් බලය ලැබෙන ආදායම වැඩි වන දිනයක් වන අතර පවුල හා මිතුරන් අතර සම්බන්ධතා සාර්ථක වන දිනයකි. වෙළඳාමට, ව්‍යාපාර වලට දක්ෂ වන ඔබට ඉතාම වැදගත් වන දිනයක්. . අවිවාහක යට සුභ මංගල යෝග උදා වෙයි. තරමක් කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත වීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: කොළ පැහැය                                                ජය අංකය: 05

 

තුලා ලග්නය

බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. එඩිතරව සමාජය තුල  කටයුතු කරයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. කොන්ද, තුනටිය හා සෙම් රෝග පිළිබඳව රෝග සඳහා වහාම ප්‍රතිකාර ගැනීමට යොමුවන්න. සෞඛ්‍ය පිළිබඳවද සැළකිලිමත් වෙන්න. ආගමානුකුලව හා ප්‍රබෝදයකින් යුතුව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: සුදු පැහැය                                                       ජය අංකය: 06

 

 

වෘශ්චික ලග්නය

 

කාය ශක්තිය වෙහෙසව වැඩ කටයුතු කිරීමට සිදුවන දිනයකි. නමුත් ඉතාම ඉවසීමෙන් කෝපය දුරලා කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලාගත යුතුයි. යහපත් මංගල යෝග  ඇතිවන දිනයකි. පපුව ආශ්‍රිත රෝග, සෙම් රෝග හා කොන්ද ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. අන් අය ඇසුරු කිරීමේදී වඩාත් ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                          ජය අංකය: 09

 

ධනු ලග්නය

රැකියා වෘත්තිමය කටයුතු වෙනදට වඩා සාර්ථකව ආරම්භ කළහැකි දිනයකි. තාක්ෂණික අංශයේ නියතු වන්නන්ට සුභ දිනයක් වන අතර විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටිය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉතාම සුභ දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. තම දෙමව්පියන්ට සැළකීමට වග බලාගන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                 ජය අංකය: 09

 

 

මකර ලග්නය

සෞඛ්‍ය තත්වය වෙනදට වඩා සුභ වන දිනයකි. නොගැලපෙන අය ඇසුරු කිරීමෙන් වලකින්න. අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් මෙන්ම අනවශ්‍ය දේ මිලදී ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි.  කල්පනාකාරී වන්න. කලා කටයුතු වලට ඉතාම සුභ දිනයකි. මහන්සි වී වැඩ කටයුතු කරගෙන යන්න. අනවශ්‍ය කරදර ඇතිවීමේ ඉඩකඩ පවතින දිනයකි. කල්පනාකාරී වන්න
ජය වර්ණය: කොළ පැහැය                                        ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

කරන කියන කටයුතු සමා අතින්ම සාර්ථක වන දිනයකි. රැකියා උසස්වීම හා ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් මහන්සි වී වැඩ කටයුතු කරන්න. මනා සැලසුමකින් යුතුව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.  අන් අයගෙන්ද නොමදව ඔබට උදව් ලැබෙන දිනයකි. ක්‍රීඩාවට, තාක්ෂණික අංශ වල කටයුතු කරන්නට ඉතාම වාසනාවන්ත දිනයකි. නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                         ජය අංකය: 06

 

 

මීන ලග්නය

අලුතින් කටයුතුත්තක් ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලටද නව නිර්මාණ කටයුතු වලටද ඉතාම  සුභ දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යන්න. අන් අයගේ ආදරය හා ගෞරවය ඔබට නොමදව ලැබෙයි. රෝගාබාධ වලට නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමද වැදගත්.
ජය වර්ණය: ලා නිල් පැහැය                             ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන:0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post