අද 2018 ජනවාරි මස 29 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.57 සිට 09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 07.49 සිට 09.20 දක්වා
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින: දිශාව වයඹ

වෘත්තිමය කටයුතු වලට වැඩි සැලකිල්ලක් දක්වන දිනයක් වන අතර ව්‍යාපාර ආශ්‍රිතව වැඩි ලාභ ඉපයීමට හැකිවන දිනයක්. නිවස තුල වැඩි කාලයක් ගෙවීමට සිදුවන දිනයක් වන අතර තරමක් කල්පනාකාරී වීම වැදගත්. කොන්ද හා තුනටිය ආශ්‍රිතව මෙන්ම පපුව ආශ්‍රිතව රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06

උසස් පෞරුෂයකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර සෞඛ්‍ය තත්වයද ඉතාම යහපත් සුභ දිනයක්. අසල්වාසීන්ගෙන් බොහෝ උදව් ලැබෙන දිනයක්. කෙසේවුවත් ආර්ථිකය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. එන අය සමඟ කරන කටයුතු වලදීද ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 09

හවුල් ව්‍යාපාර වලට ඉතාම යහපත් දිනයක් වන අතර විවාහ සම්බන්ධතා වෙනදට වඩා සාර්ථක වන දිනයක්. තරමක් කෝපයකින් යුතුව හා තියුණු වචන භාවිතයකින් යුතුව කටයුතු කල හැකි දිනයක් වන නිසා ප්‍රවේසම් වන්න. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයක්. කල්පනාකාරී වීම හා ඉවසිල්ලෙන් යුතුව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07

අන් අයගේ ආශිර්වාදය නොමදව ලැබෙන දිනයක් වන අතර කලා නිර්මාණ ආශ්‍රිතව කටයුතු කරන්නන්ට ඉතාම සුභ දිනයක්. මනස ව්‍යාකුල වීමේ ස්භාවයක්ද පෙන්නුම් කරන නිසා අධ්යාත්මීකව දිනය ආරම්භ කරන්න. තීන්දු තීරණ ගැනීම්දී වඩාත් සැළකිලිමත් වන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය ජය අංකය: 05

ඔබ විදේශ්ගත වීමට බලාපොරෝත්තුවෙන් සිටියා නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයක්. අන් අය අද දින ඔබේ උදව් හා උපදෙස් පතා එන දිනයක්. තරග ආදියෙන් පහසුවෙන් ජයගත හැකි දිනයකි. ඇස ආශ්‍රිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 07

රැකියා හා වෘත්තිමය කටයුතු ඉතාම ජවසම්පන්නව හා ගෞරවනීයව ආරම්භ කළහැකි දිනයකි. වගකීම් හමුවේ කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත වීම ඔබට අද දිනය තුල වඩාත් වැදගත් වන දිනයක්. රැකියා කටයුතු පිළිබඳව මෙන්ම තම සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වීය යුතු දිනයක්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 09

තම රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව බොහෝ ලාභ ඉපයිය හැකි දිනයකි. නමුත් වගකීම් වැඩි වන නිසාම වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 09

ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08

රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව ඔබ වඩාත් කාර්යබහුල වන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලදී බොහෝ කල්පනාකාරී විය යුතුයි. පවතින දේවල් රැකගැනීමට වෙහෙසීන්න. කොන්ද හා තුනටිය ආශ්‍රිතව රෝග ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 05

නව අදහස් හා සිතුවිලි පහල වන දිනයකි. ඒවා වෙනුවෙන් ඔබ මහන්සි වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී ජීවිතයට සුභ හා අසුභ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව ඇති දිනයකි. එබැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ආමාශගත රෝග හා කකුල ආශ්‍රිතව රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03

තම පවුල වෙනුවෙන්, විශේෂයෙන්ම දූ දරුවන් වෙනුවෙන් වෙහෙස වී කටයුතු කිරීමට සිදුවන දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ වන නිසාම මහන්සි වී කටයුතු කලෝතින් ඔබ බලාපොරොත්තු වූ ජයග්‍රහණ අත්කරගැනීමේ හැකියාව ඇති දිනයකි. තම අරමුණු වෙනුවෙන් මහන්සි වී කල්පනාකාරීව වැඩ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 09

කායික ශක්තිය ඉතා ඉහල වන දිනයක් වන නිසාම තරග හා ජවන ඉසව් වලින් නියත ජය ලබාගත හැකි දිනයක්. ජීවිතය නව බලාපොරොත්තු හා අත්දැකීම් ලැබෙන දිනයක්. ප්‍රවේසම් වන්න. ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ඔබේ දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක
දුරකථන අංකය: 076 676 53 53