News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
29

නරක වචන කිව්ව නිසා දනුශ්කට ICC යෙන් අවවාද කරයි. මොටාසාට දඩ ගසයි.

1129 Views


නරක වචන කිව්ව නිසා දනුශ්කට ICC යෙන් අවවාද කරයි. මොටාසාට දඩ ගසයි.

වෙනදට වඩා දැන් ICC යේ නීති ගොඩක් තදයි. කඩුල්ලක් දවා ගත්තත් සමරන්න ඕන වීනීතව. ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය රැක ගන්න තමයි මෙච්චර නීති දාලා තියෙන්නේ. එ් නිසා එ් ගැන වරදක් කියන්නත් බෑ.

පහුගිය දා තිබ්බ බංගලාදේශය එක්ක අවසන් තරඟයේදී නුසුදුසු වචන කිව්ව නිසා ICC දනුෂ්ක ගුණතිලකට තදින් අවවාද කරලා තියෙනවා. තමීම් ඉක්බාල් දැවී ගියාම තමයි දනුෂ්ක අාවේගශීලිව හැසිරුණේ. කොහොම වුනත් ඔහු වරද පිළි අරන් තියෙනවා.

එ් වගේම බංගලාදේශ නායක මශ්රෆි මොටාසාටත් ICC ය දඩ ගහලා තියෙනවා. ඔහුත් අවස්ථා දෙකකදීම මේ විදියට හැසිරුණ එක තමයි වරද. මොටාසාට තරඟ මුදලින් 20% ක දඩයක් නියම කරලා තියෙනවා. මීට අමතරව දනුශ්කට සහ මොටාසාට විනය ලකුණුවලට සෘණ ලකුණු දෙකක් එකතු කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post