News Line| Off Air
Generic placeholder image

Jan
29

මහේල, මාලිංග එපා කියා අකිල ධනංජයව මිලදී ගනී. ජේෂ්ඨයෝ වේලෙද්දී නවකයෝ විකිණෙයි.

1023 Views

මහේල, මාලිංග එපා කියා අකිල ධනංජයව මිලදී ගනී. ජේෂ්ඨයෝ වේලෙද්දී නවකයෝ විකිණෙයි.

IPL ක්‍රීඩක වෙන්දේසිය ගැන තමයි ක්‍රිකට් ලෝකයේ හැමෝම මේ දවස්වල අැහැ ගහගෙන ඉන්නේ. මේ සැරේ IPL වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින් 18 ක් අැතුලත් වුණා. එ් අතර සුපිරි IPL තරුවක් වුණ ලසිත් මාලිංගත් ඉන්නවා.

කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් කවුරුවත්ම හිතපු නැති ක්‍රීඩකයෝ තමයි දැනට වෙන්දේසි වෙලා තියෙන්නේ. මුලින්ම මිලදී ගත්ත ලාංකික ක්‍රීඩකයා වුණේ අකිල ධනංජය. මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තමයි ඔහුව මිලදී ගත්තේ. රුපියල් කෝටි 1.12 ක මුදලකට අකිල වෙන්දේසි වුණා. හැබැයි කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වුණ මාලිංගව මෙවර ඔවුන් මිලදී නොගැනීම කැපී පෙනුනා.

එ් වගේම වේග පන්දු යවන දුෂ්මන්ත චමීරත් රාජස්ථාව් රෝයල් කණ්ඩායම මිලදී ගත්තා. චමීරව මිලදී ගත්තේ රුපියල් කෝටි 1.12 ක මුදලකට. මේ විදියට නවකයන් IPL තරඟාවලියේ වෙන්දේසි වුනත් ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන් කවුරුවත් මිලදී නොගැනීම කැපී පෙනුනා.

News Articles
Latest Videos
Most Popular Post