News Line| Off Air
Generic placeholder image

Jan
29

ගජමුතු වලටත් වඩා දුර්ලභ නිවුන් අලි දරු උපත මෙන්න. – PHOTOS

1254 Views


ගජමුතු වලටත් වඩා දුර්ලභ නිවුන් අලි දරු උපත මෙන්න. – PHOTOS

අලි අැතුන් කියන්නේ රටකට විශාල සම්පතක්. හැබැයි අපේ රටේ අලි අැතුන්ට නම් ලබලා තියෙන්නේ හොඳ කලදසාවක් නෙවෙයි. පහුගිය කාලය පුරාම ලංකාවේ අලි අැතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා.

අලි රංචුවක අැතින්නකට පැටියෙක් හම්බුණාම මුළු රුළේම අැතින්නියන්ට කිරි එරෙනවා. මුළු රැළේම අැතින්නියන් තමන් වදපු පැටියෙක් වගේ හැම අලි පැටියම අාරක්ෂා කරනවා. සාමාන්‍යයෙන් අැතින්නියක් වරකට එක අලි පැටියයි බිහි කරන්නේ. එ්ත් අතිශය කලාතුරකින් නිවුන් අලි පැටවු බිහිකරන අවස්ථා තියෙනවා.

එ් වගේ දුර්ලභ උපතක් පහුගිය දවසක මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වුණා. හැබැයි උපතේදීම මේ නිවුන් අලි පැටව් දෙදෙනා මිය ගිහින් තියෙනවා. වනජීවී පශු වෛද්‍යවරු කිව්වේ මේ නිවුන් අලි පැටවු දෙන්නා අඩු වයසින් ඉපදිලා කියලා.

මීට අවුරුදු 4 කලින් හම්බන්තොටදීත් මේවගේ නිවුන් අලි උපතක් වෙලා තියෙනවා. එ් අලි පැටවු දෙදෙනාගෙන් එක පැටියෙක් අැතින්න සහ රංචුව දමා ගොස් සිටියදී හොයා ගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post