අද 2018 ජනවාරි මස 30 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 03.21 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.58 දක්වා
සුභ දිශාව: නැගෙනහිර හා දකුණ

සැඟවුණු කුසලතා මතුවන දිනයක් වන අතර සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන දිනයක්. අලුතින් වැඩක් ආඑම්භ කිරීමට වගේම රැකියාවේ වෙනසක් ඇතිවිය හැකි දිනයක්. මංගල යෝග ඇතිවීමේ ඉඩකඩ ඇත. කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 03

බුද්ධිමත් තීරණ මත කටයුතු කරන දිනයක් වන අතර තම හඬ භාවිතයෙන් රැකියා කටයුතු කරන අයට ඉතාම සුභ දිනයකි. ආදායම් තත්වය වෙනදට වඩා ඉහළයි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02

කලා කටයුතු වල හා නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයක්. අද දින ආරම්භයේ පටන් සුවපහසුව දිනය ගතකිරීමට ඔබට භාග්‍ය ලැබේ. ඒවා මහන්සි වී සිදු කරන්න. කෙසේ වෙතත් අන් අය කරන ගනුදෙනු වලදී වඩාත් ප්‍රවේසම් වීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01

මුදල් සම්බන්ධ කටයුතු වලදී මෙන්ම ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී වඩාත් ප්‍රවේසම් වීම වැදගත්. ඔබට වෙනදට වඩා කෝපය හා වෛරය ඇතිවිය හැකි බැවින් තීන්දු තීරණ ගැනීමේදී කෝපයෙන් තොරව කල්පනාකාරීව තීරණ ගත යුතු අතර ඔබව පාලනය කරගනීමෙට වග බලාගත යුතු දිනයක්. ඉවසිලිවන්ත වන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 02

ආගන්තුකයින් හමුවන දිනයක් වන අතර මනා පෞරුෂයකින් යුතුව මෙන්ම නායකත්ව ගතිලක්ෂණ වලින් යුතුව අද දිනය ඔබ ආරම්බ් හා කරයි. අන් අය අතර ඔබ වැඩි ආදරයක් දිනාගනියි. අහිමිවන්නට ගිය දෙයක් නැවත ඔබ සතුවන දිනයකි. වැඩ කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 02

වෙළඳාමට, ව්‍යාපාර වලට හා වානිජකරණයට දක්ෂ වන ඔබට ඉතාම වැදගත් වන දිනයක්. එබැවින් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඕනෑම දුකක්, කරදරයක් හමුවේ සාර්ථකව වැඩ කටයුතු කිරීමේ හැකියාව ලෙබෙන දිනයකි. තරමක් කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත වීම ඔබට වඩාත් වැදගත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01

ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. විවිධ අරගල හා ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරිපත් වන දිනයකි. එබැවින් ද්වේශයකින් තොරව කල්පනාකාරීව හා ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 09

ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 08

පාලන ශක්තිය හා නායකත්ව ගුණාංග වඩාත් හොදින් ඔබට අද දින ඔබේ වැඩ කටයුතු වලට උපකාරී වෙයි. අතපසු වූ අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයක් වන අතර මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. තනතුරු හා නම්බු නාම නොමදව ලැබෙන සුභ දිනයකි. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය ජය අංකය: 07

අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් මෙන්ම අනවශ්‍ය දේ මිලදී ගැනීමෙන් ඔබ වැළකිය යුතුයි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වෙනදට වඩා සලකිලිමත් වන්න. සෙම් රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩ පවතින දිනයකි. ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. ඉගෙනුමටද ඔබ වැඩි කැමැත්තක් දක්වන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06

මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. සතුරු කරදර පිළිබඳව වැඩිපුර සැලකිලිමත් විය යුතු දිනයකි. අන් අය වෙනුවෙන් ඔබ පෙනී සිටින අතර අන් අයට ඉතාම කැමැත්තෙන් ඔබ උදව් ලබාදෙන දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05

ඉතා හොඳ අධ්‍යාත්මීක ශක්තියකින් යුතුව කටයුතු කල හැකි දිනයකි. එබැවින් භාවනාවකින් යුතුව දිනය ආරම්භ කරන්න. තම පවුලට වෙනදට වඩා ලං වන සුභ දිනයකි. ඔබේ සතුරු පීඩා දුරුවන, හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි. අන් අයගේ ආදරයද ඔබට නොමදව ලැබෙයි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 04
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829