News Line| Off Air
Generic placeholder image

Jan
30

චන්දිමාල්ට, කුසල් ජනිත්ට, තිසරට ICC යෙන් උසස් වීම්. මැතිව්ස්ට අැපත් නෑ.

5029 Views


චන්දිමාල්ට, කුසල් ජනිත්ට, තිසරට ICC යෙන් උසස් වීම්. මැතිව්ස්ට අැපත් නෑ.

බංගලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන පහුගිය දා අවසන් වුණා. එ් අවසන් මහා තරඟයේදී ලංකාවට විශිෂ්ඨ ජයක් අත්කර දීලා. තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. මැතිව්ස් හැර අනිත් සියලුම පන්දු යවන්නන්ට උඩට එන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි පිතිකරුවන්ගෙන් චන්දිමාල්ව සහ කුසල් ජනිත්ව විතරයි උඩට අරන් තියෙන්නේ.

ICC පිතිකරණ ලැයිස්තුවේ උඩින්ම හිටිය මැතිව්ස් 27 දක්වා පහළ වැටිලා තියෙනවා. උපුල් තරංගටත් 39 දක්වා පහු බහින්න සිද්ධ වෙලා තියෙනවා. මැතිව්ස්ගේ අඩුව පුරවපු චන්දිමාල්ව නම් 73 ඉදලා 63 දක්වා ඉහළට අරන් තියෙනවා. දික්වැල්ලට වගේම කුසල් මෙන්ඩිස්ටත් අඩියක් පස්සට තියන්න සිද්ධ වෙලා තියෙනවා. දික්වැල්ල 40. කුසල් මෙන්ඩිස් 45.

දනුෂ්ක ගුණතිලකගේ නම් ස්ථානයේ කිසිම වෙනසක් වෙලා නෑ. ඔහු තාමත් 83 වෙනි තැන ඉන්නවා. කාලයකට පස්සේ පිටියට අාව කුසල් ජනිත්ට තුන්කොන් සටනේ අවසන් තරඟ 2 මඟ හැරුණා. හැබැයි ICC පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල 78 දක්වා ඉහළට එන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා.

කාලයකට පස්සේ ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල පළමු 20 දෙනා අකරට එන්න ලංකාවේ පන්දු යවන්නෙක්ට පුළුවන් වෙලා තියෙනවා. එ් සුරංග ලක්මාල්. ඔහු 20 වන ස්ථානය දක්වා ඉහළට අැවිත් තියෙනවා. 46 හිටිය මැතිව්ස් 53 දක්වා පහතට අැද වැටිලා තියෙනවා. ශ්‍රී ලංකා පිළේ පුංචි දඟයා අකිල. ඔහුටත් ICC යෙන් උසස්වීමක් ලැබිලා තියෙනවා. 58 හිටිය අකිල 45 දක්වා ඉහළට අැවිත් තියෙනවා.

නුවන් ප්‍රදීප් 55 වෙනි ස්ථානයේ රැදී ඉන්නවා. තුන්කොන් සටනේ තුන් ඉරියව් දස්කම් දක්වපු තිසරට ලොකු තෑග්ගක් ICC යෙන් ලැබිලා තියෙනවා. 98 හිටිය ඔහු 73 දක්වා ඉහළට අැවිත් තියෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ලංකාවෙන් ඉන්නේ අැන්ජලෝ මැතිව්ස් විතරයි. 3 වෙනි ස්ථානයේ හිටිය ඔහු 4 වෙනි ස්ථානය දක්වා අඩියක් පස්සට තියලා තියෙනවා.

වෙනදාට වඩා ලංකාවේ ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ ගිහින් කියන්න මේක හොඳ සාක්ෂියක්. මේ අවුරුද්ද අවසන් වෙද්දී ICC ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි 10 දෙනා අතරට අපේ ක්‍රීඩකයන්ට එන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post