News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

බංගලි අාරම්භ පිතිකරුවන්ගෙන් ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්. රංගන හේරත්ට කටඋත්තර නෑ.

934 Views


බංගලි අාරම්භ පිතිකරුවන්ගෙන් ලංකාවට දැවැන්ත ප්‍රහාරයක්. රංගන හේරත්ට කටඋත්තර නෑ.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේ පළවෙනි තරඟය අද අාරම්භ වුණා. තරඟය පැවැත්වෙන්නේ චිතගොන් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ නායකයා. ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.

ඔහුගේ තීරණයට වටිනාකමක් දෙන්න බංගලාදේශ මුල්පෙළ පිතිකරුවන්ට පුළුවන් වුණා. අාරම්භක කඩුල්ලට තමීස් සහ කයිස් ලකුණු 72 ක් රැස් කරා. තරඟයේ පළවෙනි අර්ධයේදී බංගලාදේශ පිතිකරුවන්ට ටෙස්ට් තරඟයක් කියන එක අමතක වෙලා තිබ්බේ. ඔවුන් ඉතාම වේගයෙන් ලකුණු රැස් කරා. තමීම් ලකුණු 52 යි. එ් 4 පහර 6 ක් සහ එක් 6 පහරක් සමඟින්. කායේස් ලකුණු 40 යි.

ඊට පස්සේ පිටියේ එක්වුණ මොමිනුල් සහ රහීම් දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා. ඔවුන් දෙදනා එක්ක 3 වන කඩුල්ලට ලකුණු 236 ක සබඳතාවක් ගොඩනැගුවා. 4 පහර 10 ක් එක්ක රහීම් ලකුණු 92 යි. ලිටොන් ලකුණු නොලබාම දැවී ගියා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්න මොමිනුල් නොදැවී ලකුණු 175 යි. ඔහුගේ අනගි ඉනිමට 4 පහර 16 ක් සහ එක් 6 පහරක් අැතුලත් වුණා.

අද දවසට තරඟය නතර කරද්දී බංගලාදේශය කඩුලු 4 ක් දැවී ලකුණු 374 ක් ලබාගෙන තියෙනවා. ලංකාවේ පන්දු යවන්නන් කාටවත් අද පන්දුව වැඩ කරේ නෑ. සුරංග ලක්මාල් කඩුලු 2 ක් දවා ගත්තා. ඉතිරි කඩුලු 2 දිල්රුවන් සහ සඳකැන් අතරේ බෙදී ගියා. ලංකාවේ අත්දැකීම් බහුල විශේෂඥ දඟ පන්දු යවන්නා වුන හේරත්ට අද දවසේ නම් වැඩ පෙන්නන්න ලැබුණේ නෑ.

හෙට තරඟයේ දෙවෙනි දවස. කොහොම වුනත් ලංකාවට ලොකු ඉලක්කයක් ලැබෙන බව නම් පේනවා. බංගලාදේශට තවත් කඩුලු 6 ක් ඉතිරි වෙලා තියෙනවා. හෙට දිවා අාහාරයට කලින් එ් කඩුලු ටිකත් දවා ගන්න ලංකාව උත්සාහ කරන්න ඕන.


News Articles
Latest Videos
Most Popular Post