ඊයේ මුළු ලෝකයේම අවධාන දිනා ගත්ත සිදුවීමක් සිද්ධ වුණා. එ් රතු නිල් සුපිරි සඳක් පායපු එක. එ් වගේම පූර්ණ චන්ද්‍ර ග්‍රහණයකුත් ඊයේ සිද්ධ වුණා. මේ චන්ද්‍ර ග්‍රහණය ලංකාවට පැහැදිලිව පේන්න තිබ්බත් වැසි සහිත කාලගූණය නිසා හරියට පෙනුනේ නෑ.
හැබැයි අවුරුදු 152 කට පස්සේ තමයි ලෝකෙටම පෙන්න මේ වගේ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වුණේ. මේ ගැන ජ්‍යොතිශ්‍යවේදීන් නම් ටිකක් කලබල වුණා. ඔවුන් කියන විදිහට දැන් ලෝකයම උඩුයටිකුරු වෙන්න පුළුවන්ලු. ඒ වගේම රටේ දේශපාලනයේ විශාල පෙරළි, ප්‍රභල ස්වභාවික විපත් පවා අැති වෙන්න ඉඩ තියෙනවා කියලා ඔවුන් අනාවැකි පල කරා.
ඉතිං මේ කතා වල ඇත්ත නැත්ත දැන ගන්න අපි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර, කැලුම් ගුණතිලක, ලක්ෂ්මන් යූ. ලියනගේ සහ සම්පත් සුදර්ශන යන මහත්වරුන්ව සම්බන්ධ කරගත්තා. මේ තියෙන්නේ ඊයේ සිද්ධ වුණු චන්ද්‍රග්‍රහණය ගැන ඔවුන් කරපු විග්‍රහය.
නිල් රතු හඳේ පුර්ණ චන්ද්‍ර ග්‍රහණය නිසා රටට, ලෝකෙට මොනවා වෙයිද?
නිල් රතු හඳේ පුර්ණ චන්ද්‍ර ග්‍රහණය නිසා ඔබට මොනවා වෙයිද? – Exclusive
https://www.youtube.com/watch?v=A6EgORFrWzQ&feature=youtu.be