ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් අාරම්භ කරන්න පහුගිය දා තිබ්බ තුන්කොන් සටනේදී පුළුවන් වුණා. කෙටි නින්දකට වැටුණ හිටිය ශ්‍රී ලංකා සිංහයා අායෙත් අායෙත් අවදි වුණේ එ් තරඟාවලියේදී.
අවසන් මහා තරඟයේදී ලංකාව විශිෂ්ඨ ජයක් බංගලාදේශයට එරෙහිව ලබා ගත්තා. අවසන් තරඟයේදී ලංකාවේ ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුනා. හැබැයි දැන් බංග්ලාදේශ බලධාරීන් කියන්නේ වෙන කතාවක්. බංග්ලාදේශය පැරදුණේ පිතිකරුවන්ට අවාසිසහගත තණතිල්ලක් හදපු නිසාලු. එ්කට ඔවුන් අැඟිල්ල දික් කරන්නෙත් ලංකාවට.
එ්කට හේතුව බංගලාදේශයේ ප්‍රධාන තණතිරූ සකසන්නා ලංකාවේ ගාමිණී ද සිල්වා වීම. අවසන් තරඟයේදී තණතිල්ල සැකසීමේ වගකීම භාර වෙලා තියෙන්නේත් ඔහුට.
“අපිට අවශ්‍ය වුණේ හොඳ ලකුණු තියෙන තණතීරුවක්, එත් හදලා තිබ්බේ පිතිකරුවන්ට අවාසි එකක්, මේ නිසා අපි ඔහු ගැන වහාම පරීක්ෂණයක් කරනවා.” බංගලාදේශ ක්‍රිකට් අායතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ එහෙමයි. මේ වෙද්දීත් බංගලාදේශ ක්‍රිකට් අායතනය ගාමිණී ද සිල්වාගෙන් නිදහසට කරුණු අහලා තියෙනවා.
බංගලාදේශය මේ හදන්නේ ලංකාවේ වටිනා ජයග්‍රහණය හෑල්ලු කරන්න. කතාවකුත් තියෙනවා නේ නටන්න බැරි මිනිහට පොළව අැදයි කියලා.