News Line| Off Air
Generic placeholder image

Feb
1

සුරංග ලක්මාල් අද තියන්න යන සුපිරි වාර්තාව මෙන්න.

981 Views


සුරංග ලක්මාල් අද තියන්න යන සුපිරි වාර්තාව මෙන්න.

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ බංගලාදේශ මුල්පෙළ පිතිකරුවන්ගෙන් දැඩි ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා.

මුෂ්ෆිකර් රෆීම් සහ මොමිනුල් හකී වාර්තාවක් තියන්නත් සමත් වුණා. ඔවුන් දෙදෙනා ලකුණු 236 ක සබඳතාවක් ගොඩනැගුවා. බංගලාදේශ පිතිකරුවන් ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනගන ලද 4 වෙනි හොදම සබඳතාව විදියට වාර්තා අතරට ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 92 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්න මොමිනුල් නොදැවී ලකුණු 175 යි.

කඩුලු 4 ක් දැවී ලකුණු 374 ක් පළවෙනි දවසට බංගලාදේශය ලබා ගත්තා. තවත් කඩුලු 6 ක් අතැතිව ඉන්න ඔවුන්ට පහසුවෙන් ලකුණු 500 ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එ් නිසා අද ලංකාවේ පන්දු යවන්නන් කඩුලු දඩයම් කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕන.

ඊයේ දවසේදී සුරංග ලක්මාල්ට විතරයි පන්දුව තරමක් හරි අවනත වුණේ. ඔහු කඩුලු 2 ක දවා ගත්තා. ලක්මාල් මේ වෙද්දී තවත් වාර්තාවක් ඉදිරියේ ඉන්නේ. එ් ටෙස්ට් කඩුලු 100 ක් ලබා ගත්ත ලංකාවේ 4 වෙනි වේග පන්දු යවන්නා වෙන්න. මීට කලින් ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් ලබා ගත්ත වේග පන්දු යවන්නන් වෙන්නේ චමින්ද වාස්, ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දු විතරයි.

ලංකාවේ අත්දැකීම් බහුලම විශේෂඥ දඟ පන්දු යවන්නා රංගන හේරත්. හැබැයි හේරත්ටත් ඊයේ පන්දුවෙන් වැඩ පෙන්වන්න බැරි වුණා. අද දවසේ හේරත්ටත් වැඩි වගකීමක් දරන්න සිද්ධ වෙනවා. කොහොම වුනත් අපි බලමු අද ලංකාව කොහොම තරඟවදීවිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post