News Line| Off Air
Generic placeholder image

Feb
2

අද එක ලග්නයකට ජලයෙන් අපලයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1139 Views


අද එක ලග්නයකට ජලයෙන් අපලයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 පෙබරවාරි මස 02 වන සිකුරාදා 
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.55 සිට 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.52 සිට අලුයම 12.24දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: ගිනිකොණ 

 

 

 

 

මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව අලසකමක් දක්වන දිනයක් නමුත් උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය යහපත් වේවි. මානසික තත්වය වෙනදට වඩා යහපත් වන අතර නව සිතුවිලි හා අදහස් ඇතිවන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග කෙරෙහි වඩාත් සැළකිලිමත් වීම වැදගත්.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 07

වෘෂභ ලග්නය

වෙනදට වඩා ජවසම්පන්නව වැඩ කටයුතු ආරම්භ කළහැකි දිනයකි. කායික ශක්තිය යොදාගනිමින් කරන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයක් වන අතර තරග ආදියෙන් ජයග්‍රහණ ලබාගත හැකි දිනයක්. සමාජය තුල සේවයට කැමති වන ඔබ අද දින පිනට දහමට යොමු වන ඉඩකඩ වැඩියි.
ජය වර්ණය විසිතුරු පැහැය                                                ජය අංකය 09

මිථුන ලග්නය

කායික ශක්තිය යොදා කරන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. තම මිතුරන්ගෙන් පවා වැඩියෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. වචන භාවිතයේදී ප්‍රවේසම් වීම වැදගත් වන අතර කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම යහපත් වන දිනයකි. ආදායමට වැඩ වියදම ඉහල යන දිනයකි.

ජය වර්ණය: ලා රතු පැහැය                         ජය අංකය: 05

 

කටක ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා හා පවුල් සබන්ධතා නැවත ශක්තිමත් වන දිනයක්. හවුල් ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයකි. ආමාශගත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. කෙසේවුවත් කලබලකාරී මානසිකත්වයක් ඇතිවීමට ඉඩ ඇති ඉසා ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                               ජය අංකය: 03

සිංහ ලග්නය

සතුරු කරදර ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින නිසාම ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ඒවා යටපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. පාද හා දණහිස ආශ්‍රිත රෝග තිබේනම් වඩාත් සැලකිලිමත්වන්න. අධ්‍යාපන කටයුතු වලට සුභ දිනයකි. හොදින් සිතාබලා වැඩ කටයුතු  සිදුකරන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                        ජය අංකය: 05

කන්‍යා ලග්නය

අධ්‍යාපන වද කටයුතු වලට හා ලිපි ලේඛන ආශ්‍රිත වැඩ කටයුතු වලට වඩාත් සුභ දිනයක් වන අතර පවුලේ සමගිය වැඩි වන දිනයක්. ව්‍යාපාර හා සංචාරක කටයුතු වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි.  තම දැනුමෙන් අන් අයට සේවය කළහැකි දිනයක්.

ජය වර්ණය:  ලා කහ පැහැය                           ජය අංකය: 07

 

තුලා ලග්නය

තම පවුල වෙනුවෙන් හා දෙමව්පියන් වෙනුවෙන් වැඩියෙන් වෙහෙසෙන දිනයකි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට ඉතාම සුභ දිනයකි. සෙම් සහිත රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් වැදගත් වන දිනයකි.

ජය වර්ණය: ලා නිල් පැහැය                                                 ජය අංකය: 06

 

 

වෘශ්චික ලග්නය

 

කලා හැකියාවන්ට ඉතාම යහපත් තැනක් හිමිවන දිනයක් වන අතර බොහෝ පිරිසක් ඔබෙන් උදව් උපකාර පතා එන දිනයක්. වචනයේ ශක්තියෙන් අන් අය දිනාගැනීමේ හැකියාව පවතින දිනයකි. මානසික පීඩා මතුවන වඩාත් කාර්යබහුල විය හැකි දිනයකි. සැලසුම් සහගතව හා ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.

ජය වර්ණය:  තැඹිලි පැහැය                                    ජය අංකය: 05

 

 

ධනු ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීම හා ස්නානයට එතරම් සුභ දිනයක් නොවෙයි.පිනට දහමට වැඩියෙන් යොමු වන දිනයක් වන අතර වැඩිහිටියන්ගේ නිසි උපදෙස් පිලිපැදීමද වැදගත් වන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයක් වන අතර මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.

ජය වර්ණය: ලා ගුරු පැහැය                                                   ජය අංකය: 08

 

 

මකර ලග්නය

නව අදහස් පහළ වන අලුත් දේවල් සොයා යාමට පෙළෙඹෙන දිනයකි. තාන්ක්ෂණික මෙවලම් හා සංචාරක කටයුතු ආශ්‍රිත කටයුතු වලින් සර්තකත්වයා උදා කරගත හැකි දිනයකි. කායික ශක්තිය දුර්වල වීමට වඩාත් ඉඩකඩ පවතින නිසාම සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                                              ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ජවසම්පන්නව දිනය ආරම්භ කල නමුත් කායික පීඩාවන් ගෙන දෙන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. මානසික ශක්තිය වෙනදාට වඩා ඉහල දිනයකි. පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කළහැකි දිනයකි. ගමන් බිමන් වල අඩුවක් නැත. කෙසේවුවත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                        ජය අංකය: 09

 

 

මීන ලග්නය

වගකීම් වැඩි වන දිනයකි. එබැවින් සැලසුම් සහගතව දිනය ආරම්භ කරන්න. අධ්‍යාපන කටයුතු වලට බාධා තිබුනත් තරග ආදියෙන් නියත ජය ලබාගත හැකි දිනයකි. මුල්‍ය පරිපාලනයට හා තාක්ෂණික අංශයේ කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                                ජය අංකය: 06

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක 

දුරකථන අංකය: 076 676 53 53


News Articles
Latest Videos
Most Popular Post