News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

කුසල් මෙන්ඩිස් පිටිය මැද උපන්දිනය සමරයි.

955 Views


කුසල් මෙන්ඩිස් පිටිය මැද උපන්දිනය සමරයි.

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. ශ්‍රී ලංකාව අද පිටියට අාවේ එක් කඩුල්ලක් දැවී ලකුණු 187 ක් ලබාගෙන.

සුපිරි සබඳතාවක් ගොඩනගමින් හිටිය කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා අද තරඟය අාරම්භ කරා. ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ පාදම අති සාර්ථකව අදත් ගොඩනැගුවා. දෙවෙනි කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 308 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරපු ධනංජය ද සිල්වා ලකුණු 173 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 21 ක් සහ දැවැන්ත 6 පහරක් අැතුලත් වුණා. ධනංජයගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ගණන ලෙසත් වාර්තා වුණා.

උපන්දිනය දවසේ ලංකාවටම ලොකු තෑග්ගක් දෙන්න කුසල්ට පුළුවන් වුණා. ධනංජයට නොදෙවිනි ඉනිමක් කුසල් මෙන්ඩිස් ගොඩනගමින් ඉන්නවා. මේ වෙද්දී කුසල් නොදැවී ලකුණු 141 ක් රැස් කරගෙන ඉන්නවා. එ් 4 පහර 14 ක් සහ එක් හයේ පහරක් සමඟ. කඩුලු 2 ක් දැවී ලකුණු 328 ක් ලංකාව මේ වෙද්දී ලබාගෙන තියෙනවා. තාවත් ලකුණු 185 යි ලංකාවට පළවෙනි ඉනිමේ අභියෝගය ජය ගන්න අවශ්‍ය. එ් සඳහා ලංකාවට කඩුලු 8 ක් ඉතිරි වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post