News Line| Off Air
Generic placeholder image

Feb
3

අද හැම ලග්නයකටම මිශ්‍රපල ඇති දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

646 Views


අද හැම ලග්නයකටම මිශ්‍රපල ඇති දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 03 සෙනසුරාදා
රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.26 සිට උදෑසන 10.56 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.22 සිට රාත්‍රී 10.53 දක්වා 
සුභ දිශාව: බටහිර සහ දකුණ 
අසුභ දිශාව: නැගෙනහිර 

 

 

 

 

මේෂ ලග්නය

සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර හැගීම් පාලනය කරගත යුතුයි. පවුල තුල සතුට, සාමය වෙනදට වඩා වැඩි වන දිනයක්. නොසිතූ අයුරින් උසස් පුද්ගලයන්ගේ ආධාර උපකාර ලැබෙන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. නිහතමානිකම ඇතිකර ගතයුතු දිනයක්.
ජය වර්ණය: රෝස  පැහැය                                             ජය අංකය: 07

වෘෂභ ලග්නය

නැතිවූ බලය හා රැකි රක්ෂා නැවත ඔබට ලැබෙන දිනයක්. අන් අය වෙනුවෙන් කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. කල්පනාකාරීව හා ඉවසිලිවන්තව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රතු පැහැය                                                            ජය අංකය: 03

මිථුන ලග්නය

ලද දෙයින් සතුටු වන්න පුරුදු විය යුතු දිනයක්. කරදර හා සතුරු බලවේග මර්දනය කරගත හැකි දිනයකි. . ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්. දෙමව්පියන්ට වඩාත් ආදරයෙන් සලකන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                         ජය අංකය: 06

 

කටක ලග්නය

වියදම් අධික වුවත් වියදමට අවශ්‍ය මුදල් නොපමාව ලැබෙන දිනයකි. නමුත් වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වාහන හා වතුපිටි වල වැඩ ආරම්භ කිරීමට සුවහ දිනයකි. ආඩම්බර ගතිලක්ෂණ ඉවතලා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 05

සිංහ ලග්නය

සතුරු බලවේග යටපත් වී ආර්ථික ශක්තිය මෙන්ම රැකි රක්ෂා ආදයම් වැඩි වශයෙන් ලබාදෙන දිනයකි.  අනවශ්‍ය ගමන් බිමන් නැවත දමන්න. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. පවුලේ අය අතරද කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම වැදගත් වන අතර දෙමව්පියන් වෙනුවෙන් වෙහෙස විය යුතු දිනයක්.
ජය වර්ණය: කොළ පැහැය                                                 ජය අංකය: 04

කන්‍යා ලග්නය

සෑම අතින්ම ඔබේ බලාපොරොත්තු ඉටු වන දිනයක් වන අතර තමන්ගේ අගය අන් අය අතර වැඩි වන  ගෞරවය ලැබෙන දිනයකි. ව්‍යාපාර හා රැකියා වලට ඉතාම සුභ දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

අන් අයගේ ප්‍රශංසාව නොමවද ලබන දිනයකි. සිතේ සතුටින් දිනය ගතකළ හැකි නමුත් වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් වීම වැදගත්. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. ධන ලාභය හා පිරිස් බලයද ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                    ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

අධ්‍යාපන කටයුතු වලට ඉතාම සුභ දිනයක් වන අතර රැකී රක්ෂා කටුයුතු වලද යහපත් වෙනසක් ඇතිවිය හැකි දිනයකි. අන් අය ඔබ ගැන ප්‍රශංසා කර දිනයකි. පරාර්ථකාමිව කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                              ජය අංකය:01

 

 

ධනු ලග්නය

ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ගමන් බිමන් වලදී වඩාත් ආරක්ෂාකාරී වන්න. නිවසක් තැනීමට ආරම්භ කිරීමට සිටිය නම් ඒ සඳහා අවශ්‍ය වැඩ නොපමාව ඉටුකිරීමට ඉතාම සුභ දිනයක්. අරපිරිමැස්මෙන් හා කෝපයෙන් තොරව කටයුතු කිරීමට අග බලාගන්න. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රන්වන් පැහැය                                             ජය අංකය: 04

 

 

මකර ලග්නය

වඩාත් අවබෝධයෙන් ගත කළ යුතු දිනයකි. මතභේද දුරලා අන් අය සමඟ තර්කයට නොයාමෙන් කටයුතු කිරීමට වග බලාගන්න. ආවේගය පාලනය කරගන්න. නැතිනම් නොසිතූ ලෙස සෞඛ්‍ය පීඩා පවා ඇතිවිය හැකි දිනයකි. ඉවසිලිවන්ත වන්න.
ජය වර්ණය: රෝස පැහැය                                                          ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

රහස් සතුරු බලවේග මර්දය කරගත හැකි දිනයකි. විදෙස් ගමන් ඇතිවන දිනයක් වන අතර වන්දනා ගමනද යෙදෙන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                                        ජය අංකය: 09

 

 

මීන ලග්නය

සිතෙහි සතුට වැඩි වන, ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. උසස් ය දනහදුනගන්න දිනයක් වන අතර ගරු නම්බු, ප්‍රශංසා හා තම තත්වය උසස් වන කීර්තිය ලැබෙන දිනයකි. දුර දක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                   ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44   


News Articles
Latest Videos
Most Popular Post