News Line| Off Air
Generic placeholder image

Feb
3

ඩෙංගු පැතිරෙන්න පුළුවන් ඔබ හිතුවෙවත් නැති ක්‍රමේ මෙන්න.

536 Views


ඩෙංගු පැතිරෙන්න පුළුවන් ඔබ හිතුවෙවත් නැති ක්‍රමේ මෙන්න.

පුංචි මදුරුවෙක් නිසා හැදෙන ඩෙංගු ඩෙංගු රෝගය නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මේ වෙද්දීත් අපට අහිමිවෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ මදුරුවාට ඉන්න නවාතැන් හදන්නෙත් අපිමයි. අපේම නොසැලකිල්ලෙන්, අපටම වින කරන මේ මදුරුවා බෝ වෙන අලුත්ම විදිහක් ගැන තොරතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩෙංගු රෝගය පාලනය කිරීමට ක්‍රියා කලේ නැත්තන් ඉදිරි වසර 05 තුළදී එය යුරෝපයට පැතිර යන බව ලෝක සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවලා තියෙනවා. ඩෙංගු රෝගය පැතිර යැමට මූලිකම හේතුව වෙලා තියෙන්නේ ලොව පුරා උෂ්ණත්වය අධික වීම බව ස්‌වීඩන් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ගෝලීය උෂ්ණත්වය තවත් සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් වර්ධනය වුනොත් රෝගය පැතිරෙන බවයි ඔවුන් කියන්නේ.

බ්‍රිතාන්‍ය කාලගුණික විද්‍යා බලධාරීන් පෙන්වල දෙන්නේ ඉදිරි වසර පහ තුළ ලෝකයේ උෂ්ණත්වය සෙන්ටිගේ්‍රඩ් අංශක 1.5 කින් ඉහළ යන බවයි. ඒ කියන්නේ තවත් දශම 5ක් එහා මෙහා වුනොත් අනිවාර්යෙන්ම මේ ඩෙංගු රෝගය යුරෝපයේත් වසංගතයක් බවට පත්වෙන්න පුළුවන් අවධානමක් තියෙනවා. ඉතින් අපේම වැරදි නිසා විනශ වෙන පරිසරය ගැන දෙපාරක් හිතන්න ඕන නේද?


News Articles
Latest Videos
Most Popular Post