News Line| Off Air
Generic placeholder image

Feb
3

“ජනප්‍රිය වෙන්න මට හදිස්සි නැහැ. මේ ආවා වගේම මම කරන චරිතවලින් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන්නයි මට ඕනෑ.” – විනූ සිරිවර්ධන නිතර පෙන්න නැති එකට හේතු කියයි.

566 Views


“ජනප්‍රිය වෙන්න මට හදිස්සි නැහැ. මේ ආවා වගේම මම කරන චරිතවලින් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන්නයි මට ඕනෑ.” – විනූ සිරිවර්ධන නිතර පෙන්න නැති එකට හේතු කියයි.

විනූ සිරිවර්ධන කළා කේෂ්ත්‍රයට එන්නෙ වෙළඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට. එත් මේ වෙද්දී ඇය රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. කාලයක් තිස්සේ ඇයගේ තොරතුරු බලාපොරොත්තුවෙන් හිටිය ඇගේ රසික රසිකාවියන් වෙනුවෙන් විනූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ඇය මේ විදිහට කියලා තිබුණා.

මොනවද අලුත් තොරතුරු?
අලුත් තොරතුරු ඉතින් දිගටම නිර්මාණවලට සම්බන්ධවයි කටයුතු කරන්නේ. ඒ නිසාම කලාවත් එක්ක තමයි ජීවිතේ අලුත් වෙන්නේ.

මොනවද මේ දිනවල සම්බන්ධ වුණු නිර්මාණ?
ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

ඔබ සිනමාව තුළ නිතර මුණගැහෙන චරිතයක් නොවීමට හේතුව මොකක්ද?
මම නිර්මාණ තෝරාගන්නා විදිහ අනුවත් මේ කාලයේ හොඳ නිර්මාණ බිහිනොවීමේ හේතුවත් නිසා තමයි මාව නිතරම සිනමාවෙන් දකින්න නොලැබෙන්නේ. කොහොම වුණත් අවුරුද්දකට එකක් වගේ වෙන්න මම චිත්‍රපට සඳහාත් රංගනය ලබාදෙනවා.

කොහොමද ඔබ චරිතයක් තෝරාගන්නේ?
මුලින්ම මම බලන්නේ තිර පිටපතේ ලියැවිලා තියෙන චරිතය මගේ චරිතයට ගැළපෙනවාද කියලා. ඒ කියන්නේ මගේ හැකියාවෙන් ඒ චරිතයට සාධාරණයක් කරන්න මට පුළුවන්ද කියලා මම මා තුළම තක්සේරු කරගන්නවා. ඒ වගේම එකම චරිතයකට කොටුවෙලා රඟපාන කෙනෙකුත් ‍නෙවෙයි මම. ගැමි, නාගරික, ඓතිහාසික මේ හැම රංගන පරාසයකම අත්දැකීම් මම විඳලා තියෙනවා.

කෙටි කාලෙකින්ම ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
මම හිමින් ගමනක් යන කෙනෙක්. තවම අවුරුදු පහක විතර අත්දැකීම් මට තියෙන්නේ. මේ කාලය ඇතුළත ප්‍රේක්ෂකයන්ගෙන් වගේම ක්ෂේත්‍රයේ පිරිසගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබිලා තයෙනවා. ජනප්‍රිය වෙන්න මට හදිස්සි නැහැ. මේ ආවා වගේම මම කරන චරිතවලින් ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට යන්නයි මට ඕනෑ. ඒ දිහා බලලා අවංකව, නිහතමානීව සතුටු වෙන්න මට පුළුවන්.

ප්‍රවීණ පිරිස නවක පිරිසට දක්වන සහයෝගය ගැන සතුටු වෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම පෞද්ගලිකව මට ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද මම මේ ක්ෂේත්‍රයේ වඩාත් අත්දැකීම් සහිත පිරිස් එක්ක රංගනයේ යෙදිලා තියෙනවා. ඔවුන්ගේ ඒ අත්දැකීම් බහුලත්වය අපිට අපේ චරිතයට සාධාරණයක් කරන්නත් අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා.

දැන් කාලයක් ක්ෂේත්‍රයේ රැඳිලා ක්ෂේත්‍රය ගැන මොන විදිහේ හැඟීමක්ද තියෙන්නේ?
රංගනය කියන්නේ පෙර පිනකට වාසනාවකට ලැබුණු තෑග්ගක්. මිනිස්සුන්ගේ හැඟීම්වලට කතා කරන්න මිනිස්සුන්ව හිනස්සවන්න, අඬන්න මේ හැම දෙයක්ම රංගනය තුළින් අපිට කරන්න හැකියාව තියෙනවා.
ඉතින් මිනිස්සුන්ගේ හිනාවට, සතුටට මමත් හේතුවක් වෙන්න ලැබිම ගැන හිතේ සියුම් ආඩම්බරයක් තියෙනවා.

ඒ කියන්නේ දැන් රංගනය වෘත්තිය බවටම පත්වෙලාද තියෙන්නේ?
ඔව්, දැනට නම් රංගනය වෘත්තිය බවටම පත්වෙලයි තියෙන්නේ. අලුත් අලුත් චරිත හොඳ නිර්මාණ ලැබෙනකොට ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න හිතෙන්නේ නැහැ. මේ වෙනකොට මගේ උසස් අධ්‍යාපන කටයුතුත් අවසන්. ඉතින් ඉදිරියේදී ඒ ක්ෂේත්‍රයන් හරහා වෘත්තීමය ගමනක් යමින් රංගනයත් අතනොහැර දිගටම කරගෙන යනවා.

රංගනයේදී ඔබ කාව හෝ අනුකරණය කරනවාද?
මම එහෙම කෙනෙක්ව අනුකරණය කරලා නැහැ. මට අවශ්‍ය මගේ අනන්‍යතාව පෙන්නුම් කරන දෙයක් හැම නිර්මාණයකම ඉතුරු කරලා යන්න. එතැනදි සමාජයේ විවිධ චරිත අධ්‍යයනය කරලා මම මගේ චරිතයට අවශ්‍ය දේවල් එකතු කරගන්නවා.

කොහොමද හැමදාම එක වගේ ලස්සනට ඉන්නේ?
මට මේ වෙනකොට මගේ රූපය පවත්වාගෙන යාමට එක්තරා රූපලාවණ්‍ය නිෂ්පාදනයකින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව ඉතින් සිනහව, සතුට, සුහදත්වය කියන දේවල් අපි ගාව තයෙනවා නම් ලස්සනට ඉන්න එක එච්චර අමාරු දේකුත් ‍නෙවෙයි.

දැන් විවාහ වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
එහෙමත් හිතෙනවා. හැබැයි ඉතින් තවම මට විවාහයක් ගැන හිතන්න වයස තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට වයස ටික ටික ගතවෙනවා තේරෙන්නේ දැනෙන්නේ නැහැ. මම හිතනවා මට එහෙම නොවී නිසි කා‍ලේ ආවම විවාහ ජීවිතේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා.

අනාගත සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?
පළමුවැනිම දේ තමයි අවංක ආදරය. ඒ වගේම මාවත්, මගේ ක්ෂේත්‍රයත් හොඳට වටහා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඔහුට තිබිය යුතුයි. ඊට අමතරව ඉතින් සමාජ තත්ත්වය, රැකියාව, රූපය සහ මට වගේම මගේ අනිත් හැමෝටමත් ඔහුගේ තියෙන පිළිගැනීම කියන දේවලුත් මම බලා‍පොරොත්තු වෙනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවාද.. ?
සිනමාව සහ ටෙලි නාට්‍යක්ෂේත්‍රයේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී ‘ඇඳුම් නිර්මාණය’ පැත්තෙන් යමක් කරන්නත් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. මම දකින්නේ ඒක මා තුළ තියෙන හැකියාවක් හැටියට. දැනටත් ගොඩක් අවස්ථාවලදී මගේ ඇඳුම් මමමයි නිර්මාණය කරගන්නේ. ඉතින් ඉදිරියේදී ඒ අංශයෙන් යමක් කරන්න ඕන කියන බලා‍පොරොත්තුව මට තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post